IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ආරක්ෂාව ගැන ජනපතිට කියනවා- ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සංවිධායක කියයි

(බිඟුන් මේනක ගමගේ )
 
තමන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් මතු වී ඇතැයි ද පක්ෂයේ සභාපති , ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා මහලේකම් රෝහණ ලක්ෂ්මන් පියදාස යන මහත්වරුන්ට ඒ ගැන ලිඛිතව දැනුම්වත් කරන්නේ යැයි ද උඩුනුවර ප්‍රාදේශීය සභාවේ අයවැය ඡන්ද විමසීමේදී පහරකෑමට ලක්ව රෝහල්ගත කර සිටින ශ්‍රීලනිප මන්ත්‍රී හා මහනුවර දිස්ත්‍රික් සංවිධායක බන්දුල සෙනෙවිරත්න මහතා ‘ලංකාදීප’ යට පැවසීය.
 
උඩුනුවර ප්‍රාදේශීය සභාව පිහිටුවන අවස්ථාවේදී ද මෙපරිද්දෙන්ම තමාට පහරදීමක් සිදු වී ඒ සම්බන්ධයෙන් ද මීට පෙර පොලිසියට පැමිණිලි කළේ යැයි ද එම අවස්ථාවේදී සිද්ධිය සමථයකට පත් වී යැයි ද මන්ත්‍රීවරයා කීවේය.
 
සිද්ධිය සම්බන්ධයෙන් පේරාදෙණිය පොලිසියට පැමිණිලි තුනක් සිදුකර ඇතත් මේ වනතෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමක් සිදුව නැතැයි ද සෙනෙවිරත්න මහතා චෝදනා කළේය. 
 
ප්‍රාදේශීය සභාවේ අයවැයට පක්ෂව තමා ඇතුලු ශ්‍රීලනිප මන්ත්‍රීන් සහාය පළ කළේ ජනතාවගේ පැත්තෙන් සිතා යැයි ද ඊට මතවාදීව පහර දීම වෙනුවට කායික හිංසනයට යොමුවීම ප්‍රජාතන්ත්‍රවාදයට කිසිසේත් අනුගත නොවන්නේ යැයි ද මන්ත්‍රීවරයා පැවසීය.
 
එක්සත් ජාතික පක්ෂයට බලය හිමි උඩුනුවර ප්‍රාදේශීය සභාවේ 2019 වර්ෂය සඳහා වූ අයවැය විවාදය පසුගිය 7 වැනිදා පැවැති අතර ඡන්දය විමසීමේදී ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේ ද සහායෙන් අයවැය ජයග්‍රහණය කිරීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළේය.
 
මන්ත්‍රීවරුන් අතර ගුටිබැට හුවමාරුවක් සිදුවූයේ එම අවස්ථාවේදීය. 



අදහස් (0)

ආරක්ෂාව ගැන ජනපතිට කියනවා- ශ්‍රීලනිප මහනුවර දිස්ත්‍රික් සංවිධායක කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 2 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 695 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 332 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site