රොමේෂ් මධුෂංඛ
යාපනය චුන්නාකම් ප්‍රදේශයේ දී ආවා කල්ලි ප්‍රබල සාමාජිකයින් බවට සැකකරන 10 දෙනෙකු ආයුධත් සමඟ අත්අඩංගුවට ගත් බව චුන්නාකම් පොලීසිය පවසයි.
යාපනය පොලීසිය හා චුන්නාකම් පොලිස් නිලධාරීන් පිරිසකගේ විශේෂ වැටලීම් කිහිපයකදී චුන්නාකම් ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සැඟව සිටි ආවා සාමාජිකයින් 10 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
අදාළ ආවා කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ඔවුන් පාවිච්චි කරන ලද සුඛෝපභෝගී වෑන් රථයක්, යතුරුපැදි දෙකක්, කඩු 6 ක් පොලිස් බාරයට ගෙන ඇත.
සැකකරුවෝ සියලු දෙනා චුන්නාකම් ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
සැකකරුවන් අද (18) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd