(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආණමඩුව කජුවත්ත ප්‍රදේශයේදී මාර්ගයේ ගමන් ගත් පුද්ගලයෙකු අද (07) රාත්‍රී 8.00 ට පමණ ලොරි රථයකට යටවී බරපතල තුවාල ලබා ආණමඩුව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
මෙසේ මරණයට පත්ව ඇත්තේ ආණමඩුව කොට්ටුකච්චිය විහාරගම පදිංචිව නිහාල් සංජීව නැමති 47 හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කියයි .
පෞද්ගලික කටයුත්තකට කජුවත්ත ප්‍රදේශයට පැමිණ ආපසු නිවස බලා යාමට මාර්ගය ආසන්නයේ රැඳී සිටියදී මාර්ගයේ ගමන් කරමින් තිබූ කුඩා ලොරි රථයකට යටවී මරණයට පත්වී ඇති බව ආණමඩුව පොලිසිය පවසයි.
අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
282
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
409
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
390
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආණමඩුවේදී ලොරි රථයකට යටවී පුද්ගලයෙකු මරුට