අංජුල මහික වීරරත්න
එක්සත් ජාතික පෙරමුණු ජාතික රජයන්, එක්සත් ජාතික පෙරමුණු සමගි සන්ධාන රජයන් පසුගිය වසර තුනහමාර තුළ අරඹා වැඩ නිමකළ සංවිධාන ව්‍යාපෘති 100 ක් එකම දිනකදී ජනතා අයිතියට පත් කිරිමට කටයුතු කරගෙන යයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල සංවර්ධන ව්‍යාපෘති මෙලෙස විවෘත කෙරෙයි.
ග්‍රාමීය මට්ටමේ සිට අර්ධ නාගරික හා ජාතික මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ඊට ඇතුළත්ය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පළමු සංවර්ධන ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරිමෙන් පසු ලංකාවේ සියලු දිස්ත්‍රික්ක වලදී සමගි සන්ධාන රජයේ මැති ඇමැතිවරුන්ගේ සහභාගීත්වයෙන් සංවර්ධන ව්‍යාපෘති ජනතා අයිතියට පත් කෙරෙයි.
මෙම විවෘත කිරිම් සඳහා මැති ඇමැතිවරුන් සමඟ පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයන් ද සහභාගී කර ගැනීමට නියමිතය.
දිවයින පුරා ඉදි කෙරුණු ග්‍රාමීය මාර්ග, විදුලිබල ව්‍යාපෘති,වැව් අමුණු,පාලම්,පාසල් සනීපාරක්ෂක පහසුකම්, ක්‍රීඩා යටිතල පහසුකම්, සතිපොළ, ළමා උද්‍යාන,ආගමික ස්ථාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති මෙලෙස විවෘත කිරිමට නියමිතව ඇත.
2025 දෙසැම්බර් මස 16
10
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
808
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
592
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ආණ්ඩුවේ ව්‍යාපෘති 100ක් එකම දිනක ජනතා අයිතියට