
(ශාන්ත චන්ද්‍රසිරි)
ශ්‍රී ලංකාවේ ආරක්ෂිත පක්ෂීන් ලෙස සැලකෙන අළු ගිරවෙකු සහ මයිනෙකු සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයන් දෙදෙනෙකුට රුපියල් 70,000 ක දඩ මුදලක් ගෙවන ලෙස වැලිමඩ මහේස්ත්‍රාත් නදීරා බෝගහදෙණිය මහත්මිය අද (08) නියෝග කළාය.
එක් අයෙකුට රුපියල් 35,000 බැගින් මෙලෙස දඩ ගෙවීමට නියමවුයේ වැලිමඩ, ගුරුතලාව, මහතැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙකුටය.
මෙම පුද්ගලයන්, මෙම කුරුල්ලන්ට ඉගිලී යා නොහැකි ලෙස තටු කපා දමා කූඩු කොට නිවෙස්වල තබාගෙන ඇති කරමින් සිටි බව අධිකරණයට කරුණු දක්වමින් හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ වන සත්ත්ව අඩවි සහකාර පී. එම්. පී. පනාවලගේ මහතා පැවැසීය.
තටු කපා දමන ලද අළු ගිරවා හා මයිනා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහලට භාරදෙන ලෙසද වනෝද්‍යාන නිලධාරීන්ට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
2025 දෙසැම්බර් මස 18
67
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
935
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අළු ගිරවෙක්-මයිනෙක් ළඟ තබාගත් දෙදෙනෙකුට දඩ