IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අවසර නැතිව ඇන්තූරියම් ගෙනා දෙදෙනෙක් අසුවෙති

(ටී.කේ.ජී.කපිල )
 
 ඇන්තූරියම් මල් පැළ තොගයක් තායිලන්තයේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළේ දී ශ්‍රී ලංකා රේගුවේ ජෛව විවිධත්ව ආරක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අද (05)  අත් අඩංගුවට ගෙන තිබේ.
 
කොළඹ , බත්තරමුල්ල සහ මාතර යන ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 49 ක් සහ 23 ක් වන ව්‍යාපාරිකයෝ දෙදෙනෙක්     මෙම මල් පැළ තොගය මෙසේ ශ්‍රී ලංකාවට රැගෙන විත් තිබුණි .
 
 මොවුන් දෙදෙනා ඊයේ (04)  මධ්‍යම රාත්‍රීයේ තායිලන්තයේ බැංකොක් නුවර සිට පැමිණි තායි ගුවන් සේවයට අයත් ටී.ජී.- 308 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .
 
පොලිතීන් මලු වල බහා , තම ගමන් මලු තුළ අසුරා ගෙන තිබූ , රුපියල් ලක්ෂ පහක් වටිනා මෙම ඇන්තූරියම් මල් පැළ තොගයේ , මල් පැළ 798 ක් තිබූ අතර , ඔවුන් ඒවා රැගෙන ගුවන් තොටුපළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති " හරිත මාවත " ඔස්සේ පිටව යමින් සිටියදී රේගු නිලධාරීන් විසින් මෙසේ අත් අඩංගුවට ගෙන තිබුණි .
 
 ශ්‍රී ලංකාවේ වන ජීවී සහ වෘක්ෂලතා ආඥාපනත යටතේ ඇති විධිවිධාන අනුව , දෙරටේ කෘෂිකර්ම බලධාරීන්ගේ නිසි අවසරයකින් තොරව මේ ආකාරයට මෙම පැළෑටි මෙරටට ගෙන ඒම නීතිවිරෝධී වේ .



අදහස් (0)

අවසර නැතිව ඇන්තූරියම් ගෙනා දෙදෙනෙක් අසුවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 731 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site