(දයාරත්න ඇඹෝගම)
අවුරුදු තුනයි මාස හතරක් වයසැති කුඩා දැරියක්ව ඝාතනය කළ 24 හැවිරිදි විවාහක කාන්තාවක් අද (19) සැකපිට අත්අඩංගුවට ගත්බව ගල්නෑව පොලිසිය කියයි.
මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ නැගම්පහ සියඹලෑව,මිදෙල්ලැව පදිංචිව සිටි මෙතුමියා නෙත්මි විජේසිංහ නැමති දැරියක් බව පොලිසිය කියයි.
මියගිය දැරිය ඊයේ (18) දින සිට නිවසින් අතුරුදන්ව ඇතැයි ඇයගේ පියා විසින් ගල්නෑව පොලිසියට පැමිණිලි කර තිබුණි.
ඒ අනුව පොලිසිය හා ගම්වාසින් එක්ව සිදුකළ සොයා බැලීමේදී සැකකාරියගේ ගෙවත්ත පිටුපස ලිඳක පොහොර උරයක දමා තිබූ දැරියගේ සිරුර අද (19) දින හමුවී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ නිවස ආසන්නයේම පදිංචි ඇයගේ පුංචි අම්මාව සැකපිට අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය.
දැරියගේ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැති අතර සැකකාර කාන්තාව අද (19) දින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd