IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අවිධිමත් ලෙස අබලි ද්‍රව්‍ය එකතු කිරීමෙන් පාරිසරික ප්‍රශ්න

(සිරංගිකා ලොකුකරවිට)

හපුගල නාවින්න ප්‍රදේශයේ අවිධිමත් ලෙස පවත්වාගෙන යන පරණ යකඩ හා ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන මගින් සෞඛ්‍ය හා පාරිසරික ප්‍රශ්න රාශියක් පැන නැගී ඇති බව බෝපෙ පෝද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී ජී ඒ ආශා ලක්මාලි මහත්මිය පවසයි.  
වර්ෂා කාල වලදී මේ ස්ථාන මදුරුවන්ට හොඳ නවාතැන්පලක් වන බවත් ඔවුන් පදිංචි නිවෙස් ආසන්නයේම මේ බඩු ගොඩගසා ඇති නිසා නොයෙක් සෞඛ්‍ය ප්‍රශ්න ද පැන නගින බවත් පසුගිය වසරේ මෙම ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් කිහිප දෙනකුම වාර්තා වූ බවත් ඇය  පැවසුවාය.

ඔවුන් විසින් එකතු කරගෙන එන තාර බැරල්වල ඉතිරි වී තිබෙන තාර ඉවත් කිරීම සඳහා පිළිස්සීම සිදු කරන්නේ ද මෙම නිවෙස් ආසන්නයේය. තාර පුච්චන විට ලොකු දුමාරයක් පිටවන බවත් ඔවුන් විසින්ම සකස් කරගත් ඇටවුමක් මගින් පිළිස්සීම සිදු කරන බවත් දුම අවට අනාරක්ෂිත ලෙස පරිසයට මුදාහැරෙන බවත් වෛද්‍යවරිය සඳහන් කළාය.

 “අපි මේ ස්ථානය නිරීක්ෂණය කරන්න කිහිපවිටක්ම ගියා. අවශ්‍ය උපදෙස් හා අවවාද ලබා දුන්නා. ඒත් ඔවුන් ඒවා පිළිපදින්නේ නැහැ. ටික දිනකින් නැවතත් සුපුරුදු විදියටම කරනවා. මේ නිසා දිගින් දිගටම ගැටලු ඇති වීම වළක්වන්න බැහැ. මේ ප්‍රදේශය තරමක් ජනාකීර්ණයි. අවට තවත් නිවාස බොහොමයක් තිබෙනවා.

ඒ අය නිතර පැමිණිලි කරනවා. මෙවැනි ස්ථානවල අනාරක්ෂිත ලෙස තාර පිච්චීම කිසිසේත් අනුමත කරන්න බැහැ. ගස් වලත් කළු පාටට දුම බැඳිලා තියෙවා. මේ ගෙවල් වල පොඩි ළමයිනුත් ඉන්නවා. ජනාකීර්ණ ස්ථාන වලින් බැහැරව මේක කරනවා නම් හොඳයි. මධ්‍යම පරිසර අධිකාරිය මගින් යම් ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් නම් වඩාත් සුදුසුයි. දිළිඳු කමත් නොසැලකිලිබවත් මේ ප්‍රශ්න වලට තවත් හේතුවක් “ ඇය කීවාය.



අදහස් (0)

අවිධිමත් ලෙස අබලි ද්‍රව්‍ය එකතු කිරීමෙන් පාරිසරික ප්‍රශ්න

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 674 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 325 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site