( ශිරාන් රණසිංහ)
සෝමාවතී ජාතික වනෝද්‍යානයේ සිටි අලි හත් දෙනකු මඩේ එරී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් සමීක්ෂණයක් සිදු කරන බව වනජීවී හා තිරසාර සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය.
මෙම අලි හත් දෙනා මඩේ එරී සිටියදී එහි අඩි 15 ක පමණ ගැඹුරට ජලය පිරී තිබු බව කළ මුලික පරීක්ෂණවලදි හෙළි වී ඇතැයිද ඇමැතිවරයා කියා සිටියේය.
ගොඩගනු ලැබු අලි හත් දෙනාගේ පශ්චාත් මරණ පරීක්ෂණ වලට අමතරව සතුන් මිය ගිය ආකාරය පිළිබඳව සෙවීම ඉතා වැදගත් යැයිද යළිත් මෙවැනි සිදුවීම් නොවන පරිදි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කයිවාරුව තමයි වැඩේ... ඔය ශීතල කාමරයේ ඉඳගෙන පරීක්ෂණ කරන්නේ කොහොමද.? යන්න එලියට බය නැතුව දැන් එල් ටි ටි ඊ කාරයෝ නැහැ ඔබව සොයාගෙන එන්න. බහින්න මඩ වලවල් වලට අලි දේහයන් ගොඩගන්න උදවු කරන්න. ඇමතිවරු මන්ත්‍රීලා ජනාධිපති අගමැති වැනි මේ සියලුමදෙනා " ජනතා සේවකයන්ය" මේ ඔක්කොම වැඩ ජනතාවගේ සේවයන් තමයි.
අන්න හොඳයි කාර්, පැට්‍රොල් වියදම්, කාර්යාල ගාස්තු, ලක්ෂ 2 -3 ක දීමනා සහිතව අධීක්ෂණ කමිටුවක් පත් කොරන්නේ ......
2020 දී මහා අලියටත් ඒයාගේ අලි වල් වැදුනේ මොකද කියලා බලන්නත් අධීක්ෂණ කමිටුවක් පත් කරන්න වේවි.
අද ලොක්කා පත්තරේ බලපු ගමන් හැරෙන තැපෑලෙන් කියාවි ඔය වදේ නවත්වන්න, මඩට ගොයොත් ඔහෙට වෙච්ච දේ තමයි අලින්ටත් උනේ ඒ නිසා උන්ගෙන් වත් පාඩමක් ඉගෙන ගන්න කියලා.