(කාංචන කුමාර ආරියදාස)
දේශීය අර්තාපල් ගොවියා ගෙන් 2018 වසරේදී ආණ්ඩුව මිලදීගත් අර්තාපල් සඳහා රුපියල් දෙකෝටි දාහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් රජය ගොවියාට ගෙවිය යුතුව ඇති බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය සහ ඌවපරණගම ගොවි සංවිධාන එකමුතුව අවධාරණය කරයි.
සමුපකාර දෙපාර්තමේන්තුව සිදුකර ඇති මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීම අද (09) සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් දඹුල්ලේ දී පැවැත්විණි.
එහිදී නාමල් කරුණාරත්න මහතා කියා සිටියේ 2018 වසරේ අර්තාපල් අල ගොවීන් ගෙන් රුපියල් කිලෝවක් රුපියල් 92 බැගින් රජය අර්තාපල් අල කිලෝ වීසි ලක්ෂ හතළිස් දහස් පන්සිය අසූ දෙකක ප්‍රමාණයක් මිලදී ගත් බවයි.
අවස්ථා කිහිපයකදීම ගොවීන්ට ටික ටික මුදල් ලබාදී මේ වන විට රුපියල් රුපියල් දෙකෝටි දහත්ලක්ෂ විසිදහස් හාරසිය අසුහතක මුදලක් සමුපකාර දෙපාර්තමේන්තුවට අයත් ශ්‍රී ලංකා පාරිභෝගික සමුපකාර සමිතිය මගින් ලබාදිය යුතු බවයි.
ශ්‍රී ලංකා සමුපකාර පාරිභෝගික සමිතියෙ සභාපතිත්වය දරනු ලබන්නේ හිටපු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහෝදරයෙකු වූ රුවන් බණ්ඩාර තෙන්නකෝන් මහතා බවද නාමල් කරුණාරත්න මහතා අවධාරණය කළේය.
වසරක පමණ කාලයක් ගත වී ඇතත් අර්තාපල් අල ගොවීන් ගේ මෙම මුදල් ලබා දෙන ලෙස ඉල්ලීම් කළද දිනෙන් දින කල් දමන බවත් සියලු මුදල් මේ මස 9වැනි දිනට පෙර ගෙවා අවසන් කරන බවට ලිඛිත පොරොන්දු වී තිබෙන බවද ඔහු ලිපියක් පෙන්වමින් පෙන්වා දුන්නේය.
සමුපකාර අමාත්‍යාංශයට අයත් ශ්‍රී ලංකා පාරිභෝගික සමිතිය වෙත රජය රුපියල් හත් කෝටි පනස් ලක්ෂයක මුදලක් අත්තිකාරම් වශයෙන් අර්තාපල් අල මිලදී ගැනීමට ලබාදී තිබෙන බවත් එහෙත් මෙතෙක් රජයට එම මුදල හෝ ගෙවා නැතැයි නාමල් කරුණාරත්න මහතා චෝදනා කළේය.
ඌවපරණගම ප්‍රදේශයේ අර්තාපල් අල ගොවීන්ට මේ වන විට සිදුව ඇති පාඩුවට වන්දි මුදල සමග වහාම මෙම මුදල ගෙවිය යුතු බවත් එසේනොවන්නේ නම් ඉදිරියේ දී ගොවීන් ඒකරාශී කර දැවැන්ත අරගලයකට යන බවද නාමල් කරුණාරත්න මහතා මෙහිදී මාධ්‍ය හමුවේ අවධාරණය කළේය.
එමෙන්ම මේ දිනවල කෝප් කමිටුව හරහා හෙළිදරව් වන රාජ්‍ය දූෂණ වංචා පිළිබඳව හෙළිදරව් වෙද්දී රිෂාඩ් බදුර්දීන් අමාත්‍යවරයා යටතේ පවතින සමුපකාර ව්‍යාපාරය අර්තාපල් අල ගොවියාට සිදු කර ඇති මෙම මහා අපරාධය ගැන ලබාගැනීමට හැකි උපරිම නීතිමය ක්‍රියාමාර්ග ලබාගැනීමටද සැලසුම් සකස් කොට තිබෙන බවද නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේය.
එමෙන්ම මේ දිනවල ගොවීන් වෙනුවෙන් වැඩි කතාබහක් ලක් කරන ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට ද සිය වගකීම මතක් කර දෙන බවත් හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහෝදරයෙකු මෙහි සභාපතිත්වය දරමින් ගොවීන්ට මුදල් ගෙවීම් පැහැර හැර තිබෙන බවත් එම නිසා ඒකාබද්ධ විපක්ෂයට ද මෙහි වගකීමක් පැවරෙන බව සඳහන් කළේය.

2025 නොවැම්බර් මස 21
32
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
146
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
993
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අල ගොවියාට රජයෙන් දෙකෝටියක පොල්ලක්