නිමන්ති රණසිංහ
බස් රථවලින් දිනකට රුපියල් 200 බැගින් අල්ලස් ලබා ගත් බව කියන මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළේ ස්ථාන භාර නිලධාරියා ලබන 24 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.
පෞද්ගලික බස් රථ නැවතුමේ නවතා මගීන් ගොඩකර ගැනීමට ඉඩ ලබාදී ධාවන සටහන් පත‍්‍රය අත්සන් කරදීම වෙනුවෙන් එක් බස්රථයකින් දිනකට රුපියල් 200/-ක අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත් බව අල්ලස් කොමිසම කියයි.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ තිරුක්කෝවිල් පදිංචි තුරෙයි රාජසිංහම් කනේෂ් නැමැති පෞද්ගලික මාර්ගස්ථ මගී ප‍්‍රවාහන අධිකාරියේ මඩකලපුව පෞද්ගලික බස් නැවතුම්පොළ ස්ථානභාර නිලධාරීවරයාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd