
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගවඝාතනාගාරයක හිමිකරුවකුගෙන් අල්ලස් මුදලක් ලබාගැනීමට තැත්කළ උඩුබද්දාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකු අද (12) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂක( විමර්ශන)කාන්තා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පද්මිණි වීරසූරිය මහත්මිය පැවසුවාය.
ඇතුන්ගහකොටුව හන්දියේ දී එම හිමිකරුගෙන් රුපියල් 20,000 ක අල්ලස් මුදලක් ලබා ගනිද්දී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නීත්‍යානුකූල බලපත්‍ර ලබාගෙන දිවුරුම්පොල ඇතුන්ගහකොටුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගව ඝාතකාගාරයක් වෙත පැමිණ තිබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා එය පරීක්ෂාකර ගවමස්වලට මුද්‍රා තැබීම, මස් ප්‍රවාහනය හා වෙළඳසැලේ මස් විකිණීමට අදාළ වාර්තා ලබාදීම වෙනුවෙන් එම මුදල ඉල්ලා තිබූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වරිය වැඩිදුරටත් පැවසුවාය.
පැමිණිලිකරු 1957 දුරකථන අංකය හරහා සිදු කළ පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.
2025 ඔක්තෝබර් මස 08
1622
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1393
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
494
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
අල්ලස් ඉල්ලූ පී.එච්.අයි. අල්ලයි