(බිමල් ශ්‍යාමන් ජයසිංහ - ශාන්ත ප්‍රදීප් කුලරත්න)
ජපානයේ සහ මෙරට රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින් රැසකගෙන් රුපියල් ලක්ෂ පනහක මුදලක් වංචා කළ පොලිස් බුද්ධි අංශයේ නිලධාරීනියක් ලෙස රඟ පෑ කාන්තාවක් කහතුඩුව නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඇය වසර තුනක පමණ කාලයක් මෙම රඟපෑම සිදු කර ඇති අතර කුලි නිවසක පදිංචිව සිට ඇත.
ඇය කිසිදු බියක් නැතිව එම ප්‍රදේශයේ මෙම වංචාව සිදුකරගෙන ගොස් ඇතැයි ද පොලීසිය පවසයි.
ජපානයේ කන්‍යාරාමක ලිපිකරු ශ්‍රේණියේ රැකියා අවස්ථා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් ලක්ෂ 2 සිට ලක්ෂ විවිධ ගණන් වලින් මුදල් රැගෙන ඇතැයිද පොලීසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd