
(එම් .සුසිල් ප්‍රියන්ත)
ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැතිඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් හෙට (14 ) පැවැත්වෙන අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කිරීමට තමන් අද (13) පස්වරුවේ තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂය කියයි.
ඒ අනුව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රිවරුන් 06 දෙනා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් තිදෙනා සහ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා ඇතුළුව අම්බලන්ගොඩ නගර සභාවේ බහුතර මන්ත්‍රීවරුන් මේ වර්ජනයට එක්වී සිටිති.
පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අම්බලන්ගොඩ පුරවැසියෙකුවූ මෙවර මහ මැතිවරනයේදී අම්බලන්ගොඩින් පාර්ලිමේන්තුවට ගිය හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් මහතාට මේ උත්සවයට ආරාධනා නොකිරීමට එරෙහිව මේ තීරණයට එළැඹි බව ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ කැඳවුම්කරු රාහුල ලලිතවික්‍රම මහතා කීවේය.
තමන් ඇතුළු අම්බලන්ගොඩ නගර සභාවේ ඒකාබද්ධ විපක්ෂයටම මේ උත්සවයට ආරාධනා කර ඇතත් අම්බලන්ගොඩට සුවිශාල සේවාවක් කළ හිටපු ප්‍රධාන අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාන් විජයලාල් මහතාට මේ උත්සවයට ආරාධනා නොකිරීම පිළිබඳව අම්බලන්ගොඩ නගර සභාවේ සභාපති අරුණ ප්‍රදීප් මහතා ඇතුළු පාලක පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් 09 දෙනාට සිය අප්‍රසාදය පලකරන බවද ලලිතවික්‍රම මහතා වැඩි දුරටත් කීවේය.
2025 දෙසැම්බර් මස 18
603
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
294
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අම්බලන්ගොඩ නගර සභා ක්‍රිකට් ක්‍රීඩාංගණය විවෘත කිරීමේ උත්සවය වර්ජනය කරයි