(එම් .සුසිල් ප්‍රියන්ත)
ධීවර රැකියාවට ගොස් බංග්ලාදේශයේ සිරගතවී සිටින ධීවරයින් පිරිසක් මව් බිමට ගෙන දෙන ලෙස ඉල්ලා අද (8 ) උදේ ගාලු පාරේ අම්බලන්ගොඩ ඌරවත්ත ප්‍රදේශයේදී උද්ඝෝෂණයක් පැවැත්වූහ.
බංග්ලාදේශයේ සිරගතවී සිටින ධීවරයින්ගේ අඹුදරුවන් හා ප්‍රදේශවාසීන් විසින් මේ උද්ඝෝෂණය පවත්වන ලදි.
බහුදින ධීවර යාත්‍රා හතරක ධීවරයින් විසිහතර දෙනෙක් මාස 11 තිස්සේ බංග්ලාදේශයේ සිරගතව සිටින බව උද්ඝෝෂකයෝ පැවසූහ.
උද්ඝෝෂකයින් කිහිප අවස්ථාවකදීම ගාලු පාර අවහිර කිරීමට උත්සහ දැරූ අතර අම්බලන්ගොඩ පොලීසිය මැදිහත්වී එය වැලැක්කුවේය.
සිරගතවී සිටින සිය පියවරු තමන්ට ලබාදෙන ලෙස ඉල්ලමින් කුඩා දරුවන් පිරිසක්ද මේ උද්ඝෝෂණයට එකව සිටිනු දක්නට ලැබිණ.


2025 දෙසැම්බර් මස 04
456
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
461
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්බලන්ගොඩ ධීවරයෝ පිරිසක් උද්ඝෝෂණයක