(ඩී.කේ.රත්න)
වැලිමඩ දඹවින්න අම්පිටිකන්ද රක්ෂිතයේ අද අලූයම (7) ඇතිවු ගින්නකින් අක්කර දහයක් පමණ භූමි ප‍්‍රදේශයක් ගිනිගෙන විනාශ වී ඇතැයි වැලිමඩ පොලිසිය පවසයි.
වැලිමඩ බොරලන්ද ප‍්‍රධාන මාර්ගය ආසන්නයේ දෙකේ කණුව අසල මෙම දඹවින්න අම්පිටිකන්ද රක්ෂිතය පිහිටා තිබේ.
කිසියම් පුද්ගලයකු හෝ පිරිසක් මගින් මෙම ගිනි තැබීම සිදු කරන්නට ඇතැයි සැක කෙරෙන අතර මෙම කන්ද ආසන්නයේ පිහිටි නිවාසවලට ගින්න පැතිර යෑම වැළැක්වීමට හා මෙම කන්දේ ගැට ගසා සිටි හරකුන් හා එළුවන් බේරා ගැනීමට පොලිස් නිළධාරින් හා ප‍්‍රදේශවාසින්ට මහත් වෙහෙසක් දැරීමට සිදුවී තිබේ.
ප‍්‍රදේශයට මේ දිනවල පවතින අධික සුළං තත්වය හා වියළි කාලගුණය නිසා ගින්න සිඝ්‍රයෙන් පැතිර ගිය අතර සතුන් දඩයම් කිරීමේ අරමුණීන් කිසියම් පිරිසක් විසින් මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇතැයි පොලිසිය සැක කරයි.

2025 දෙසැම්බර් මස 04
554
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
490
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අම්පිටිකන්ද රක්ෂිතයේ ගින්නකින් අක්කර 10 ක් විනාශයි