IMG-LOGO

2025 නොවැම්බර් මස 28 වන සිකුරාදා


අමාත්‍යංශ මාරුවෙන් අබලි ද්‍රව්‍ය මිලදීගන්නන් අමාරුවේ

බිඟුන් මේනක ගමගේ 
 
දේශීය කර්මාන්තකරුවන්ට ලබාදීමේ අරමුණෙන් කාර්මික සංවර්ධන මණ්ඩලය රාජ්‍ය ආයතනවලින් අබලි ද්‍රව්‍ය මිලදීගැනීමේ කටයුතු ඇණහිට ඇතැයි එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ‘ලංකාදීප’ යට පැවසීය.

 
ආණ්ඩු මාරුවෙන් පසු ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශයෙන් ඉවත් කර වෙළෙඳ පාරිභෝගික සමූපකාර සංවර්ධන හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යංශය යටතට පැවරීම නිසා මෙම තත්ත්වය උද්ගතව ඇතැයි එම නිලධාරියා කීය.
 
රාජ්‍ය ආයතනවලින් අබලි ද්‍රව්‍ය මිලදී ගැනීම හා විකිණීම සිදුවන්නේ අබලි ද්‍රව්‍ය කළමනාකරණ කමිටුව යටතේ යැයි ද අමාත්‍යංශ වෙනසින් පසුව කමිටුව රැස්කිරීමේ අපහසුතාවයක් හටගෙන ඇති බැවින් මෙම තත්ත්වය උද්ගතව ඇතැයි ද එම නිලධාරියා කීය.
 
මෙම තත්ත්වය නිසා සහන මිලට අබලි ද්‍රව්‍ය මිලදී ගැනීමට අපහසුවීමෙන් තමන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටින්නේ යැයි දේශීය කර්මාන්තකරුවෝ මැසිවිලි නගති.
 
ශ්‍රී ලංකා යුද හමුදාව අබලි ද්‍රව්‍ය ලබාගන්නා එක් මූලාශ්‍රයක් වන අතර එසේ යුද හමුදාවෙන් 2015, 2016,2017 හා වසරවල හා 2018 සැප්තැම්බර් දක්වා අබලි ද්‍රව්‍ය ලබාගැනීම් සටහන් ලේඛන හා ඒවා අළෙවි කරනු ලබන කර්මාන්තකරුවන්ගේ නාම ලේඛනය හා අළෙවි ක්‍රමවේදය, (විවෘත ටෙන්ඩර්ද යන්න), විකුණුම් ඉන්වොයිසි ආදිය තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලා සිටීමට ‘ලංකාදීප’ කටයුතු කළ නමුත් මෙම අබලි ද්‍රව්‍ය කළමනාකරණ කමිටුව රැස්කිරීමට ඇති අපහසුතාව නිසා තොරතුරු ලබාදීම පමා වන බව ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය දන්වා ඇත.



අදහස් (0)

අමාත්‍යංශ මාරුවෙන් අබලි ද්‍රව්‍ය මිලදීගන්නන් අමාරුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 173 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 240 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1114 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site