(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)

අභිරහස් ලෙස මියගිය කාන්තාවකගේ මළ සිරුරක් උඩමුල්ල පරණ වත්ත බූස්ස ප්‍රදේශයේ පිහිටි  නිවසක් තුල තිබී  අද (06) රාත්‍රී සොයාගත් බව රත්ගම පොලිසිය කියයි.

පොලිසිය පවසන්නේ මියගිය කාන්තාව 36 හැවිරිදි  තැනැත්තියක් බව පොලිසිය කියයි.

මළ සිරුර සොයාගන්නා අවස්ථාව වන විට මියගිය තැනැත්තිය පමණක් නිවසේ සිට ඇති අතර ඇයගේ සැමියා  සිය වෘත්තිය සඳහා ගොස් සිට ඇති බවද  පොලිසිය කියයි.

රත්ගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු සිදුකරයි.