මනුල වික්‍රම
අනුරාධපුර නගරය හා අවට පිරිපහදු කළ ජලය ලෙස ප්‍රවාහනය කර විකුණනන්නේ කිසිදු ප්‍රමිතියක් නොමැතිව අජිනෝමොටෝ නැමති රස කාරකය යොදා නැවුම් රසය දැනෙන පරිදි සැකසු ව්‍යාජ ජලය බවට මහ නගර සභාව අනාවරණය කර ගෙන තිබේ.
උතුරුමැද පළාතේ වර්තමානයේ භූගගත ජලය කිවුල් වීමත් වකුගඩු ආසාධනය නිසාත් ජනතාව සම්පූර්ණයෙන්ම පාහේ භාවිතා කරන්නේ ප්‍රති ආශ්‍රැතික ජල පෙරණ මගින් පිරිපහදු කළ ජලයයි.
නාගරිකව සේම ග්‍රාමීයව ද ප්‍රති ආශ්‍රැති ජල පෙරණ පොදුවේත් පෞද්ගලිකවත් පවත්වාගෙන යන අතර නගරබද කුඩා ලොරි රථවලින් නිවෙස්වලට ජලය රැගෙන ගොස් බෙදාහරින වෙළඳ පිරිසක් සිටීයි.
මෙම අය බෙදා හරින ජලය පිළිබඳ ලැබුණු පැමිණිලි රැසක් සැළකිල්ලට ගත් අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස මහතා නගරයේ පානීය ජලය බෙදාහරින ව්‍යාපාරිකයින් රැස් කළේය.
මෙහි දී සැබෑ ලෙසම ජලය පිරිපහදුවට ලක්කර ප්‍රමිතියෙන් බෙදාහරින වෙළඳුන් ඔවුන්ට ලද තොරතුරු හෙළි කළහ.
එහිදී වැව් ජලය හා ළිං ජලය පිරිපහදු කර රසකාරක යොදා නැවුම් රසය ජනනය වන පරිදි විකුණන අයුරු ඔවුහු පැහැදිලි කළහ.
එමෙන්ම ජලසම්පාදන මණ්ඩලයේ අනුමැතිය ඇති බවට සහතික කර ඇතැයි ජල වෙළඳුන් ප්‍රචාරය කරගෙන ගියද ඔවුන් එක්වරක් පමණක් ජල සාම්පලය පරීක්ෂා කර වාර්තාවක් ලබාගන්නවා මිස අඛණ්ඩ පරීක්ෂාවක් නොවන බව නගරාධිපතිවරයාට මහජන සෞඛ්‍ය පරික්ෂකයින් වාර්තාකර තිබේ.
2025 නොවැම්බර් මස 04
339
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2148
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1623
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘අ’පුරේ පිරිපහදු කළ ජලය ප්‍රවාහනය කරන්නන්ගේ ප්‍රමිතියක් නෑ’