IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අ‘පුර නගරාධිපති ඇතුළු 9 දෙනකුට අධි චෝදනා

(උපාලි  ආනන්ද)

අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරයාගේ  නිවසට බෝම්බ ප‍්‍රාහාරයක් එල්ල කර  රුපියල් ලක්ෂ 30 ට අධික දේපල අනර්ථයක් කිරීමේ  සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපතිවරයා සහ උතුරු මැද පළාත් සභාවේ  හිටපු සභාපතිවරයා ඇතුළු  විත්තිකරුවන් නවදෙනෙකුට රජයේ අධි නීතිඥ නුවන් කෞෂල්‍ය මහතා විසින් අධි චෝදනා 13 බැගින් වෙන් වෙන් වශයෙන්  අනුරාධපුර මහාධිකරණයේදී බාර දෙනු ලැබීය.
 
ඒ උතුරු මැද පළාත් බද මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා   ඉදිරිපිටදීය අධි චෝදනා බාරදීමෙන් අනතුරුව තමන්ට එරෙහිව නගා ඇති සියලු අධි චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව සියලු විත්තිකරුවෝ ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා සහ නීතිඥ කාලිංග රවින්ද්‍ර යන මහත්වරුන් මගින් මහාධිකරණ විනිසුරුවරයාට දැන්වූහ.
 
ඒ අනුව මෙම නඩුව 2020 වසරේ ජනවාරි මස 9 වන දින යළි කැදවීමට  නියෝග කළ මහාධිකරණ විනිසුරු සහන් මාපා බණ්ඩාර මහතා සියලු විත්තිකරුවන්ට එදින යලි මහාධිකරණය හමුවේ  පෙනී සිටින ලෙසටද තවදුරටත් නියෝග කළේය.
 
මෙලෙස අධිචෝදනා බාර දෙනු ලැබූවේ අනුරාධපුර මහ නගර සභාවේ නගරාධිපති එච් පී සෝමදාස  උතුරු මැද පළාත් සභාවේ හිටපු සභාපති ටී. එමි. ආර්. සිරිපාල,  තලාව ප‍්‍රාදේශීය සභාවේ සභාපති ටී එම් ආර් ඉන්දුික උයද කුමාර හෙවත් සිරිපාලගේ පුතා, රාජාංගනය ප‍්‍රාදේශීය සභාවේ උප  සභාපති  අයි පී සමන් නිල්මිණි  වීරසිංහ හෙවත් සමන් නිල්මිණි,  ග‍්‍රාම නිලධාරි ඞී එල් ජගත් චන්ද්‍රසිරි/ නිහාල් වන්නිආරච්චි/ පී නිමල් ජයරත්න හෙවත් නුගවෙල නිමල්,  ඞී පේ‍්‍රමසිරි  හෙවත් උක්කුවා, රංජිත් ගුණපාල හෙවත් රංජිත් යන විත්තිකරුවන්ටය.
 
අනුරාධපුර දිස්ත‍්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂක ආනන්ද වේරගොඩ මහතාගේ  නිවසට බෝම්බ  ප‍්‍රාහාරයක් එල්ල කර  රුපියල් ලක්ෂ 30 ක පමණ දේපළ හානියක්  සිදු කිරීමේ  සිද්ධියට සමිබන්ධ සියඵ   සැකකරුවන්   අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි  තඹුතේගම  මහේස්ත‍්‍රත්වරයා  තඹුත්තේගම පොලිසියට අවස්ථා දෙකකදී මීට පෙර නියෝග ලබාදී  තිබුණද පොලිසිය සැකකරුවන් අත් අඩංගුවට  ගැනීම  දිගින් දිගටම පැහැර හැර තිබුණි  .
 
 සැකකරුවන් මෙම අපරාධය සදහා යොදා ගත් බවට සැක කෙරෙන වාහානද වාහාම අත්අඩංගුවට ගන්නා ලෙසද එවකට හිටපු මහේස්ත‍්‍රාත් ඉලංගසිංහ මහතා තඔුත්තේගම පොලිසියට එහිදි තවදුරටත් නියෝග කෙරිණි. 1999 වසරේ පැවැති ජනාධිපතිවරණ මැතිවරණ ප‍්‍රචාරක කටයුතු පැවැති  සමයේ  මෙම අපරාධය සිදු කර ඇති බව පොලිස් විමර්ශනවලදි හෙලිව  තිබේ.
 
මෙම  සිද්ධියේ විමර්ශනවල උදෘත නීතිපති උපදෙස් සදහා  යැවිණ එම විමර්ශන උදෘත අධ්‍යනය කල නීතිපතිවරයා තඹුත්තේගම මූලස්ථාන පොලිසියට නියෝග කලේ  සැකකරුවන් වාහාම අත් අඩංගුවට ගෙන අධිකරණයට  ඉදිරිපත් කරන ලෙයසි  නීතිපතිවරයා එලෙස උපදෙස් ලබා දුන් බව දැන ගත් සැකකරුවෝ දින කිහිපයක් සැගව සිට පසුව නීතිඥයින් මාර්ගයෙන් පොලිසියට බාර වූහ.
 
1999 වසරේ පැවති ජනාධිපතිවරණයට වත්මන් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ  ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස තරග කළ  අවස්ථාවේ රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කැපවී ක‍්‍රියා කරමින් සිටින අතරතුර  වේරගොඩ මහතාගේ නිවසට මෙම බෝම්බ ප‍්‍රාහාරය එල්ල වී තිබේ.
 
 රජයේ රස පරීක්ෂක ඒ වැලිඅංගේ තඹුත්තේගම එවකට හිටපු මූලස්ථාන ප‍්‍රධාන පොලිස් පරීක්ෂක වත්මන් පොලිස් අධිකාරි සරත් පේ‍්‍රම  යන මහත්වරුන් ඇතුළු  20 දෙනෙකු මෙම නඩුෙවි සාක්සිකරුවන් ලෙස නීතිපතිවරයා විසින් නම් කරනු ලැබ සිටිති.
 
 නීතිපතිවරයා නියෝජනය කරමින් පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ නුවන් කෞෂල්‍ය මහතා පෙනී සිටි අතර විත්තිකරුවන්  වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ රංජිත් රාජකරුණා  සහ නීතිඥ කාලිංග රවින්ද්‍ර   යන මහත්වරු පෙනී සිටියහ.



අදහස් (1)

අ‘පුර නගරාධිපති ඇතුළු 9 දෙනකුට අධි චෝදනා

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Tuesday, 15 October 2019 11:46 AM

මටනම් මතකත් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site