IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


අ’පුර දළදා පෙරහර අවසන්

(දයාරත්න ඇඹෝගම)

ජාතික අභිමානය සහ අනුරාධපුර පෞඩත්වය විදහා දක්වමින් 23 වන වරටත් සංවිධානය කරන ලද අනුරාධපුර දළදා පෙරහර අද (17) අලුයම සාර්ථකව අවසන් විය.

ඇසළ පෝදා සවස පස්වරු 7.17 ට යෙදුණු සුභ මොහොතින්  මහා සංඝ රත්නයේ පිරිත් දෙසුම් මැද සධාතුක කරඬුව හස්තිරාජයා මත තැබීමෙන් පසුව අනුරාධපුර නගරය පුරා වීදි සංචාරය කිරිම ආරම්භ විය.

දළදා පෙරහර  වීදි සංචාරය කිරීමේදී දහස් ගණන් ජනතාව එක්වී සිටි අතර අලි ඇතුන් 14 දෙනෙකු සමඟ උඩරට, පහතරට, සබරගමු නැටුම් ඇතුළත් නැටුම් කණ්ඩායම් රැසකින් දළදා පෙරහර අලාංකාරවත්ව තිබිණි.

උතුරු මධ්‍යම දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නාහිමි සහ රුවන්වැලි චෛත්‍යරාමාධිපති පල්ලේගම හේමරතන නාහිමි ප්‍රමුඛ අටමස්ථානයේ ගරුතර මහා සංඝ රත්නයේ හිමිවරුන් ඇතුළු තෛයිනිකායක මහා සංඝ රත්නයේ අනුසාසනා පරිදි  උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, අනුරාධපුර මහ දිසාපති ආර්.එම්.වන්නිනායක යන මහත්වරුන්ගේ ආශිර්වාදයෙන්  පළාත් සභා  රාජ්‍ය අංශවල සංවිධානයෙන් මෙම දළදා පෙරහර පැවැත්විණි.

එවකට හිටපු කර්මාන්ත සංවර්ධන අමාත්‍ය දිවංගත බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ සංකල්පයක් අනුව 1997 වසරේ මෙම දළදා පෙරහර ආරම්භ විය.

 



අදහස් (0)

අ’පුර දළදා පෙරහර අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 677 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 326 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site