(කාංචන කුමාර ආරියදාස)
ඇදිරිනීති බලපත්‍ර ද උල්ලංඝනය කරමින් ඉතා අපිරිසිදු ආහාර පාන ජනතාවට අලෙවි කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂාකර වසා දැමීමට දඹුල්ල මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය අද ( 02 ) පියවර ගත්තේය.
ඇඳිරි නීතිය බල පැවැත්වෙද්දී දඹුල්ල නගරයේ තොග වෙළෙඳ සැල් සහ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීම හේතුවෙන් නිරන්තරයෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීහූ දැඩි විමසිලි විමසිල්ලෙන් පසුවෙති.
දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය තොග සහ සිල්ලර වෙළඳසැලක් පරීක්ෂාකිරීම නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රමුඛ කණ්ඩායම සිදු කළේය. එම තොග සහ සිල්ලර වෙළඳසැල මෙන්ම ඔවුන්ගේ ගබඩාවද සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන බව නගරාධිපතිවරයා නිරීක්ෂණය කිරීමෙන් පසුව පැවසීය.
පසුව නගරාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂාවට ලක් කළේය. මෙම හෝටලය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ විවෘත කර තැබීමට කිසිදු ආරක්ෂක අංශයකින් හෝ සෞඛ්‍ය අංශයකින් අවසරයක් ලබාගෙන නොතිබූ බව පරීක්ෂණවලදී හෙළි විය.
එමෙන්ම මෙම හෝටලයේ ආහාරපාන දිවා රාත්‍රී දෙකෙහිම අලෙවි කරන බව අනාවරණය වීමෙන් පසුව හෝටලයේ මුළුතැන්ගෙය සහ ශීතකරණ පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.
එහිදී පිසු පරාටා රොටි තොගයක් ඉතා අපිරිසිදු පෙට්ටියක තබා තිබෙන ආකාරය නිරීක්ෂණය විය .
පසුව ශීතකරණ දෙකක් පරීක්ෂාකිරීමේදී මීට දින ගණනාවකට ඉහතදී පිසන ලද මෑකරල් ව්‍යාංජනයක් ,වම්බටු වෑන්ජනයක්, පරිප්පු වෑංජන කිහිපයක් පිසීමෙන් තොරව අමු මස් සහිතව එකට ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකිවිය.
මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින් කියා සිටියේ මෙසේ පිසන ලද පරණ එළවළු මාළු ආදී ඕනෑම දෙයක් පිසීමකින් තොරව අමු මස් මාළු තලයේ තබා ගැනීම බරපතළ වරදක් බවය.
දඹුල්ල ප්‍රදේශයේ සෑම හෝටලයක් ම වසා දමා තිබියදී මෙම හෝටල් හිමියන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ජනතාවට නුසුදුසු ආහාර පාන ලබා දී මිල මුදල් උපයා ගැනීම සිදුකරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
දැඩි ලෙස අවවාද කළ මෙම හෝටල් හිමියාට වහාම මෙම ආහාරපාන විනාස කිරීමට බලපත්‍ර උල්ලංඝනය කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු පවරන ලෙස නගරාධිපති ජාලිය ඕපාත මහතා මහජන
සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.
2025 දෙසැම්බර් මස 18
401
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
231
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1021
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අපිරිසිදු ලෙස ආපනශාලාවක් පවත්වාගෙන ගියේ යැයි නීතිමය පියවර
ධම්ම Saturday, 02 May 2020 02:23 PM
කඩ පරීක්ෂාකිරීම නගරාධිපතිගේ වැඩක් නොවේ. මෙසේ තමන්ගේ රාජකාරිය නොදන්නා දේශපාලකයින් ඉවත් කළයුතු කාලය පැමිණ තිබේ.