(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ. හෙට්ටිආරච්චි)
අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවෙකු සැප්තැම්බර් (05) දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස බලන්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් ඒ. එම්. එස්. මැණිකේ මහත්මිය අද(28) නියෝග කළාය.
බලන්ගොඩ මැද්දෙකන්ද මිද්දෙණිකන්ද ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස රිමාන්ඩ් කර ඇත.
දැරියක අපයෝජනයට ලක් කිරීම, ගංජා ළඟ තබා ගැනීම, ව්‍යාපාර ස්ථානවලින් මුදල් සොරකම් කිරීම ඇතුළු අපරාධ රැසක් සම්බන්ධයෙන් මොහු බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන බලන්ගොඩ වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු මෙලෙස රිමාන්ඩ් ගතකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd