(එස් .ඩි .කොඩිකාර)
 
මොරවක දෑරංගල මාර්ගයේ මහහේන පන්සල  අසලදී  යතුරු පැදියක් හා ට්‍රක් රථයක් මුහුණට ගැටී සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු මිය ගොස් ඇත.

මියගොස් ඇත්තේ පරණ වත්ත පහල බානගල, ඕපාත, ලිපිනයේ පදිංචි (52) හැවිරිදි ලියන පියදාස නැමැත්තෙකි.

ට්‍රක් රථය මොරවක දෙසට ධාවනය කර ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් යතුරුපැදිකරු පැමිණි අවස්ථාවේ  මෙම අනතුර සිදුවී ඇතැයි  පොලිසිය කියයි .

ට්‍රක් රථයේ රියදුරු මොරවක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලිස් වැඩිදුර පරීක්ෂණ පවත්වයි .