IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අනතුරකින් පසු හෘදයාබාධයක් ඇතිවී ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

මෝටර් රථයක් ත්‍රී රෝද රථයක ගැටී සිදු වූ අනතුරත් සමඟ රියදුරන් දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී එය දුරදිග ගොස් ත්‍රී රෝද රථ රියදුරුට ඇති වූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් අද (13) මියගොස් ඇතැයි හෝමාගම පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය නවදගල පදිංචි නිහාල් භාරත නැමැති 68 හැවිරිදි පුද්ගලයෙකු බව පොලිසිය කියයි.

මරණකරු තම ත්‍රී රෝද රථයෙන් කුලි ගමනක් යාම සඳහා නිවසින් පිටත්ව යන අතරතුරදී මෝටර් රථයක් ත්‍රී රෝද රථයේ ගැටී අනතුරක් සිදුව ඇතැයි පොලිසිය කියයි.

ත්‍රී රෝද රථයට වූ හානිය රක්ෂණ වන්දියක් හරහා සාදා ගන්නා ලෙස මෝටර් රථ රියදුරු පැවසීමත් සමඟ දෙදෙනා අතර බහින් බස් වීමක් ඇති වී එය දුරදිග යාමත් සමඟ එකවරම ත්‍රී රෝද රථ රියදුරුට හෘදයාබාධයක් ඇති වී ඇතැයි පොලිසිය පවසයි.

ඒ සමඟම ත්‍රී රෝද රථ රියදුරු හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට යාමේදී මෙසේ මියගොස් ඇතැයි පොලිසිය පැවසීය.

අනතුරට සම්බන්ධ මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හෙට (14) හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

අනතුරකින් පසු හෘදයාබාධයක් ඇතිවී ත්‍රීරෝද රථ රියදුරෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 107 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 740 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site