IMG-LOGO

2025 ඔක්තෝබර් මස 15 වන බදාදා


අධික සුළං සහ වැස්සෙන් මහනුවර 551ක් පීඩාවට


  
 
(මොහොමඩ් ආසික්)

 
මහනුවර දිස්ත්‍රික්කය තුළ පසුගිය දින දෙකක කාලය සිට ඇති වූ අධික වැසි සහ සුළං සහිත කාලගුණ තත්වය හේතුවෙන් අද (11) වන විට  දිස්ත්‍රික්කයේ ප්‍රාදේශිය ලේකම්  කොට්ඨාස පහක පවුල් 116 කට අයත් පුද්ගලයින් 551 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවත් නිවාස 50 කට හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ  මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා කීය.
 
මෙලෙස පීඩාවට පත්ව ඇති පවුල් හා පුද්ගගලයින්  ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස  මට්ටමින් මෙසේයි.
 
පාතහේවාහැට ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් නවයක පවුල් 13 කට අයත් පුද්ගලයින්  58 දෙනෙකුද, කුණ්ඩසාලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාම නිළධාරි වසම් දෙකක පවුල් දෙකකට අයත් පුද්ගලයින් අට දෙනෙකුද, පස්බාගේ කෝරළය ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 84 කට අයත් පුද්ගලයින් 414 දෙනෙකුද, පන්විල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10 ක පුද්ගලයින් 45 දෙනෙකුද,  උඩුනුවර ප්‍රාදේශීය   ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිළධාරි වසම් හයක පවුල්  හතක පුද්ගලයින් 26 දෙනෙකුද පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් කාර්යාලය තවදුරටත්  කීය.
 
මේ අතර දිස්ත්‍රික්කයේ නිවාස 50 ක් හානියට පත්ව ඇති බවත් එයින් පාතහේවාහැට එක් නිවසකට සම්පූර්ණ  හානි සිදුව ඇති බවත් තවත් නිවාස 49 කට අර්ධ හානි සිදුව ඇති බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය තවදුරටත් සඳහන් කළේය. 
 
ඒවගේම සුරක්ෂිත ස්ථාන නවයක පවුල් 80 කට අයත් පුද්ගලයින් 378 දෙනෙකු රැඳී සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ මහනුවර දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඉන්දික රණවීර මහතා තවදුරටත් කීය.
 
අයහපත් කාලගුණ තත්වය හේතුවෙන් පීඩාවට පත්ව ඇති සියලු දෙනාට අවශ්‍ය සියලු  සහනයන් දිස්ත්‍රීක් ලේකම් කාර්යාලය සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සිදු කරන බවද ඒ මහතා කීය.
 



අදහස් (0)

අධික සුළං සහ වැස්සෙන් මහනුවර 551ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 790 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 918 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 379 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site