(ඩී.කේ.රත්න)
බණ්ඩාරවෙල සහ වැලිමඩ මහේස්ත්‍රාත් අධිකරණ මගින් වරෙන්තු 20ක් නිකුත් කර තිබියදී, අධිකරණ මගහරිමින් සැඟවී සිටි වරෙන්තුකරුවෙකු අද (26) ආගරපතන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ, වැලිමඩ කැප්පෙටිපොළ කළුබුලුලන්ද ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක පුද්ගලයෙකි.
විදේශ රටවල රැකියා ලබාදෙන බව පවසමින් පුද්ගලයින්ට මුදල් වංචා කිරීම සහ නීතීවිරෝධී ලිපි ලේඛන සකස්කිරීම ආදී චෝදනා අනුව මෙම පුද්ගලයාට විරුද්ධව නඩු පවරා තිබියදී අධිකරණයට ඉදිරිපත් නොවී සැගවී සිටියදී මෙසේ පොලිස් අත්අඩංගුවට පත්වී තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීහු මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd