IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ විරෝධතාවක


(රොමේෂ් මධුෂංඛ)
 
ජාතික නිදහස් දිනය ශ්‍රී ලංකාවේ කවුරුන් සැමරුවද සිය ගැටලුවලට විසඳුම් නොලැබීම හේතුවෙන් තමන්ට නිදහස් දිනය සැමරීමට නොහැකි බව පවසමින් අතුරුදහන් වූවන්ගේ ඥාතීහු අද (03) කිලිනොච්චියේ විරෝධාතවක නිරත වූහ.
 
කිලිනොච්චිය කන්දසාමී කොවිල් ඉදිරිපිටදී පැවත්වුණු මෙම විරෝධතාවය වෙනුවෙන් වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් හා යාපනයේ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු රැසක් සහභාගී වී සිටියහ.
 
එහිදී විරෝධතාවයේ නිරත වූ අතුරුදහන් වූවන්ගේ ඥාතීහු කියා සිටියේ, යුද්ධය අවසන් වී වසර 11 කට අධික කාලයක් ගත වී ඇති අවස්ථාවේදී තමන්ට එතෙක් කාලයක් අතුරුදහන් වූ සිය දරු මුණුබුරන් පිළිබඳව කිසිදු තොරතුරක් හෝ විසඳුමක් ලබා දීමට පැවති රජයන් හා වත්මන් රජයට නොහැකි වූ බැවින්, රජය ජාතික නිදහස් දිනය සැමරුවද තමන්ට නිදහසක් නොමැති බවටය.
 
එමෙන්ම ජාතික නිදහස් දිනය ප්‍රතික්ෂේප කරමින්, නැගෙනහිරින් ආරම්භ වී උතුරට පැමිණෙන රථ පෙළපාළිය වෙනුවෙන්ද තමන්ගේ උපරිම සහය ලබා දෙන බවටද විරෝධතාවයේ නිරත වූවෝ වැඩි දුරටත් පැවසූහ.



අදහස් (0)

අතුරුදහන් වූවන්ගේ ඥාතීන් කිලිනොච්චියේ විරෝධතාවක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 346 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site