
(ඩී.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ)
අතුරුදහන්වුවන්ගේ පවුල්වලට රුපියල් 6000ක මාසික අතුරු දීමනාවක් ගෙවීමට පසුගිය රජය විසින් සම්මත කරන ලද දීමනාව මේ රජය යටපත් කර ඇතැයි කියමින් එම දීමනාව ලබාදෙන ලෙස ඉල්ලා රජයට බල කිරීමේ නිහඬ විරෝධතාවයක් අද (28) ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ ගාල්ල දිස්ත්‍රික් කණ්ඩායම සංවිධානය කර තිබු මෙම නිහඬ විරෝධතාවයට එම පවුල්වල සාමාජිකයෝ පිරිසක් එක්ව සිටියහ.
අතුරුදහන්වුවන්ගේ පවුල් එකතුවේ දකුණු පළාත් සම්බන්ධීකාරක ධර්මදාස වික්‍රමරත්න මහතා මෙසේ කියාසිටියේය.
“88-89 කාලයේ විවිධ කණ්ඩායම් විසින් දකුණු පළාතේ පුද්ගලයින් 6,000කට අධික සංඛ්‍යාවක් අතුරුදහන් කර තිබෙනවා. එම පවුල්වලට සහනය ඉල්ලා ජිනිවාවලට කරුණු ඉදිරිපත් කිරීමෙන් පසු අතුරු සහන දීමනාවක් දෙන ලෙසටත් ඉදිරියේ එවැනි දේවල් සිදුනොවීමටත් කටයුතු කරන ලෙසත් එවකට පැවති රජයට දනුම් දුන්නා.
ඒ අනුව අතුරුදහන්වුන්ගේ කාර්යාලයක් පිහිටුවනු ලැබුවා. එක් පවුලකට රුපියල් 6,000ක අතුරු සහන දීමනාවක් ලබාදීමට යෝජනා වුණා. ඒ අනුව පසුගිය රජය රුපියල් මිලියන 500ක් වෙන් කළා. නමුත් මෙම රජය එය යටපත් කර තිබෙනවා. එමනිසා අතුරු සහන දීමනාව ලබාදෙන ලෙස අපි ඉල්ලා සිටිනවා” යැයිද ඔහු කීය.

2025 දෙසැම්බර් මස 30
60
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
722
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
344
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අතුරුදන් වූවන්ගේ පවුල් එකතුවේ සාමාජිකයෝ නිහඬ විරෝධතාවක