( මොහොමඩ් ආසික්)
උඩදුම්බර පොලිස් බල ප්‍රදේශයට අයත් කලුගල මාර්ගයෙ ගමන් කරමින් තිබූ අත්‍යාවශ්‍ය භාණඩ ප්‍රවාහනය කරනු ලබන කැබ් රියක වයස අවුරුදු 12 ක සිසුවතු ගැටීමෙන් සිදු අනතුරකින් එම දරුවා මිය ගොස් ඇති බව පොලිසිය කියයි.
උඩදුම්බර කලුගල මාර්ගයේ ගමන් කළ මෙම කැබ් රියට පාරේ ගමන් කළ 12 හැවිරිදි මෙම සිසුවා ගැටී සිදු වූ අනතුරන් බරපතල තුවා ලැබූ සිසුවා උඩදුම්බර රෝහලට රැගෙන ගියද එහිදී මිය ගොස් තිබේ.
මෙසේ මිය ගොස් ඇත්තේ උඩදුම්බර ප්‍රදේශයේම පදිංචි 12 හැවිරිදි සිසුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියැදුරු පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇති අතර උඩදුම්බර පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ළමයා පාරට ආවේ ඇයි.
කැබ් රථය අත්‍යාශ්‍ය සේවයක් කලත් රියදුරා මාර්ග නීති පිලිපැදිය යුතුය. අත්‍යවශ්‍ය ලේබලය හිස මුදුනේ තබාගෙන රිය පැදෙව්වාම ඔහොමදේවල් වෙනවා.