IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


අත්බෑග් සොරා අත්අඩංගුවට

 

 

රොමේෂ් මධුෂංඛ

 

යාපනය, චාවකච්චේරි ප්‍රදේශයේ මාර්ගයන්හි තනිව ගමන් ගන්නා කාන්තාවන්ගේ අත්බෑග් ඉතා සූක්ෂමව සොරා ගන්නා ලද පුද්ගල‍යකු අත්අඩංගුවට ගත් බව චාවකච්ඡේරි පොලීසිය පවසයි.

චාවකච්ඡේරි ප්‍රදේශයේ දී කාන්තාවගේ අත්බෑගයක් අදාළ සැකකරු විසින් සොරාගෙන යාමෙන් පසුව එම කාන්තාව ච්වකච්චේරි පොලීසියට ලබාදුන් හෝඩුවාවක් අනුව අදාළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු කලෙක පටන් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ තනිව ගමන් ගන්නා කාන්තාවන් ඉලක්ක කර ගනිමින් ගොස් අදාළ කාන්තාවන්ගේ අත්බෑග් සොරා ගැනීම සිදුකර ඇති අතර පොලීසිය ද අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීමට මීට පෙර සිටම පරික්ෂණ සිදුකර තිබේ.

සැකකරු චාවකච්චේරි ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි සැකකරුවකු වූ අතර පොලිසීය විසින් සිදුකරන ලද වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සතුව තිබී ජංගම දුරකථන 18 ක්, රුපියල් 19,000 ක මුදලක්, කාන්තා අත් බෑග් 4 ක්, යතුරුපැදි දෙකක් අත්අඩංගුවට ගත් බවද පොලිසිය පවසයි.

සැකකරු යාපනය චාවකච්චේරි මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 



අදහස් (0)

අත්බෑග් සොරා අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 283 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 189 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 994 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site