( රොමේෂ් මධුෂංඛ)
ඉන්දීය ධීවරයින් විසින් උතුරු මුහුදු තීරයට අනවසරයෙන් ඇතුලු වී මසුන් අල්ලමින් සිටියදී අවස්ථා කිහිපයකදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා 06 ක් යළි නාවික හමුදාව විසින් උතුරු මුහුදේදී ඉන්දීය නිලධාරීන්ට භාර දෙනු ලැබීය.
නාවික හමුදාව විසින් වෙරලාරක්ෂක නිලධාරීන්ගේද සහය ඇතිව අදාල ට්‍රෝලර් යාත්‍රා භාර දීම සිදු වූ අතර පසුගිය දිනයන්හි අවස්ථා කිහිපයක අත්අඩංගුවට පත් අදාල ට්‍රෝලර් යාත්‍රා කරෙයි නගර් සහ නච්චිකුඩා නාවික හමුදා ජැටියන්හි නැංගූරම් ලා තිබුණු අතර අදාල ධීවර යාත්‍රා නැවත රැගෙන යාමට පෙර අලුත්වැඩි කිරීමක්ද සිදු කොට භාර දී ඇත.
ඒ අනුව අදාළ ධීවර යාත්‍රා අලුත්වැඩියා කිරීම සඳහා ඉන්දීය ඉංජිනේරුවරුන් පිරිසක් විසින් යාපනයට පැමිණ පසුගිය දිනයන්හි ධීවර යාත්‍රා අලුත්වැඩි කිරීම සිදු කරනු ලැබීය.
අලුත්වැඩියා කරන ලද ධීවර යාත්‍රා වෙරලාරක්ෂක දෙපාර්තමේන්තුවට අයත් නෞකාවක් විසින් ඉන්දියාවට භාර දීම සිදු වූ අතර අදාලළධීවර යාත්‍රා භාර ගැනීම සඳහා ඉන්දීය වෙරලාක්ෂක බලකායට අයත් අයුෂ් සහ රාණි දුර්ඝාවතී යන නෞකා එක් වීය.
ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා භාර දෙනු ලැබූවේ උතුරු මුහුදු තීරයේ පිහිටි අන්තර්ජාතික මුහුදු තීරයේදීය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd