(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරන්තුඩුව කුඩා ගෝනදූව හා කුඩව ප්‍රදේශවල නිවාස දෙකකට බලහත්කාරයෙන් ඇතුලු වී තර්ජනය කිරීම හා කාන්තාවකට පහර දුන් බව කියන සිද්ධියකට අත්අඩංගුවට ගත් කලුතර ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක ඇතුළු පුද්ගලයින් දස දෙනෙක් පානදුර අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා නියෝග කළේය.
මෙලෙස ඇප මත මුදා හැරියේ කළුතර ප්‍රාදේශීය සභාවේ පොදු ජන පෙරමුණේ මන්ත්‍රී මනෝජ් ඒකනායක , මොරන්තුඩුව කුඩා ගෝනදූව පදිංචි ලලිත් සන්දනායක , ධම්මිකා නානායක්කාර , විස්මිත සන්දනායක , ජයමිනි ගුණරත්න , නිලන්ති සොයිසා , චතුරිකා ගුණරත්න , චන්ද්‍රා පෙරේරා ,චන්ද්‍රලතා හතුරුසිංහ හා ගයානි රංගිකා යන අයවලුන්ය.
අංක එකේ සිට අංක දහය දක්වා සැකකරුවන්ට හා සැකකාරියන්ට රුපියල් ලක්ෂ පහක ශරීර ඇප හා රුපියල් පන්දසක මුදල් ඇප මත මුදා හරින ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම මසකම අවසන් ඉරුදින මොරන්තුඩුව පොලිසියේ පෙනී සිටින ලෙස නියෝග කළේය.
2025 දෙසැම්බර් මස 18
490
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අත්අඩංගුවට ගත් කලුතර ප්‍රා.සභා මන්ත්‍රී ඇතුළු දස දෙනාට ඇප