IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි

සිතුම් චතුරංග

ඇඳිරිනීතිය ක්‍රියාත්මකවූ කාලසීමාවේදී යාපනය,පේදුරුතුඩුව, මන්දිකෙයි යුද හමුදා මාර්ග බාධකයේදී ඊයේ (14) රාත්‍රියේ අණ නොතකා ගමන්ගත් යතුරු පැදියකට සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇතැයි යාපනය පේදුරුතුඩුව පොලිසිය පවසයි.

මාර්ග බාධකය අසල රාත්‍රී දහයට පමණ යතුරු පැදියකින් ගමන්ගත් පුද්ගලයින් දෙදෙනකු නොනවත්වා ධාවනය කොට පසුව ඔවුන් විසින් හමුදා සෙබලුන් වෙත ගල්මුල් ප්‍රහාරයක් එල්ලකර තිබූ අතර එම ගල් ප්‍රහාර හේතුවෙන් එක් හමුදා සාමාජිකයකු සුළු තුවාල ලබා පේදුරුතුඩුව රෝහල වෙත ඇතුළත් කළ බවද පොලිසිය පැවසීය.

එම යතුරු පැදිය පලාගොස් මිනිත්තු 30 පමණ පසු පැමිණ ඇති යතුරු පැදියකටද නවත්වන ලෙස යුද හමුදාව විසින් දැනුම්දී ඇති අතර එහිදී අධික වේගයෙන් යතුරු පැදිකරු පැනයන්න උත්සහකර ඇති බව පොලිසිය පැවසීය.

එහිදී යුද හමුදාව විසින් වෙඩි ප්‍රහාර කිහිපයක් එල්ලකොට ඇති අතර යතුරුපැදිකරු තුවාල ලබා ඇති අතර ඔහු නිවසවෙත ගොස් පසුව පේදුරුතුඩුව, මන්දිකෙයි රෝහල වෙත ඇතුලත්වී තිබේ.

එලෙස වෙඩි තැබීමෙන් තුවාල ලබා ඇත්තේ යාපනය , පේදුරුතුඩුව පදිංචි පසුපති අනුසන් නැමති 23 හැවිරිදි පුද්ගලකුවේ.

තුවාලකරුගේ පාදට හා පිට ප්‍රදේශයට වෙඩිවැදී තුවාල සිදුව ඇතැයිද පොලිසිය පැවසූහ.

ආරක්ෂක මුරකපොල්ල වෙත ගල්ප්‍රහාර එල්ලකළකොට හමුදා සෙබලකු තුවාල කිරීම සම්බන්ධයෙන් පිරිස අත්අඩංගුවටගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පේදුරුතුඩුව පොලිසිය පැවසීය.

සිදුවීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.
 



අදහස් (0)

අණ නොතකා ගිය යතුරුපැදියකට වෙඩි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 408 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 236 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1024 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site