IMG-LOGO

අඩවි වන නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක්

(කුෂාන් ජයවර්ධන)

තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ දී වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් පිරිසකට අද (24) මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ.

පහරකෑමට ලක් වූ වන නිලධාරීන් දෙදෙනෙකු මේ වනවිට ප්‍රතිකාර සඳහා අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පැවසීය.

මෙලෙස මැර ප්‍රහාරයට ලක්ව ඇත්තේ කැකිරාව අඩවි වන කාර්යාලයට අනියුක්තව සේවය කළ බීට්ටු වන නිලධාරියක් සහ වන ක්ෂේත්‍ර සහකාරවරයෙකි.

තිරප්පනේ නාච්චාදූව ප්‍රදේශයේ පිහිටි වන සංරක්ෂණ දෙපාරතමේන්තුවට අයත් රක්ෂිතයක් අනවසරයෙන් එළිපෙහළි කරන බවට ලද තොරතුරක් අනුව වන සංරක්ෂණ නිලධාරීන් එම ප්‍රදේශයට ගොස් තිබේ.

එහිදී රක්ෂිතය එළිපෙහළි කරමින් සිටි සැකකරුවෙක් සමඟ ට්‍රැක්ටර් රථයක් වන සංරක්ෂණ දෙපාරතමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරු සහ ට්‍රැක්ටර් රථය එම ස්ථානයෙන් රැගෙන යාමට කටයුතු කළ අවස්ථාවේදී තවත් පිරිසක් එම ස්ථානයට කඩාවැදී  වැටලීම සිදුකළ වන නිලධාරීන්ට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරු සහ ට්‍රැක්ටර් රථය ද රැගෙන පලා ගොස් තිබේ.

සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වනවිට හඳුනාගෙන ඇති බව පොලිසිය කීය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට තිරප්පනය පොලිසිය විශේෂ පොලිස් මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

 



අදහස් (1)

අඩවි වන නිලධාරීන් පිරිසකට මැර ප්‍රහාරයක්

mahinda Tuesday, 25 February 2020 01:09 AM

හරි... වැඩ පටන් අරන් වගේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 139 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 675 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 130 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site