(නාලක සංජීව දහනායක)
විසිපස් වසරක වගකීම් සහතිකයක් යටතේ මිලටගත් සූර්ය බලශක්ති පද්ධතියක් මාස 06ක් ගතවීමටත් ප‍්‍රථමයෙන් අඩපණ වීම පිලිබඳව සඳහන් කරමින් පසුගිය අඟහරුවාදා (14) ලංකාදීප පුවත්පතේ පළවූ කතුවැකියක් පළවිය.
මේ සම්බන්ධයෙන් මෙතෙක් ගෙන ඇති පියවර හා ඉදිරියට ගැනීමට අපේක්‍ෂිත පියවර සම්බන්ධයෙන් වාර්තාවක් සතියක් ඇතුළත තමා වෙත ලබාදෙන ලෙස විදුලිබල හා බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ අධ්‍යක්‍ෂ ජෙනරාල්වරයාට නියෝග කර තිබේ.
වෙන්නප්පුව ප‍්‍රදේශයේ සුපිරි වෙළඳසැල් හිමියකු රුපියල් ලක්‍ෂ අසූඅටක් වැය කරමින් මෙම සූර්ය පැනල කට්ටලය යක්කල ප‍්‍රදේශයේ සමාගමකින් මිළදී ගෙන තිබේ. මෙම සූර්ය පැනල සවිකිරීමෙන් සුපිරි වෙළඳසැලේ මාසික විදුලි බිල සියයට 50න් පමණ අඩුවනු ඇතැයි ව්‍යාපාරිකයා අපේක්‍ෂාකළද එවැන්නක් සිදුව නැත.
මෙම සූර්යපැනල හොරෙන් නිපදවූ බාල ඒවා බව මේ පිළිබඳව සොයා බැලීමේදී හෙලිවී තිබේ. අදාළ සූර්යපැනල පද්ධතිය වෙනුවෙන් වියදම්වූ මුදල නැවත තමාට ලබාදෙන ලෙස ඉල්ලා මෙම ව්‍යාපාරිකයා පොලීසියට පැමිණිල්ලක්ද ඉදිරිපත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ සූරිය පැනල නිෂ්පාදනය කරන්නේ නැත. මෑතක සිට ගෙන්වන සූරිය පැනල ඉතා හොඳ කාර්යක්ෂමතාවයකින් යුක්ත ඒවාය. මගේ නිවසේ සවිකොට ඇති කිලෝ වොට් පැය 5 සූර්ය විදුලි බල නිෂ්පාදන පද්ධතිය අහසේ වලාකුල් සහිත දිනවලත් කිලෝ වොට් පැය 20 පමණ නිෂ්පාදනය කරයි. මට හිතෙන්නේ මේ ව්‍යාපාරිකයාගේ සූරිය පැනල සමහරක් නිසි ආකාරයට ඉන්වර්ටරයට සම්බන්ධවී නැති බවයි. එසේ නැතහොත් ඉන්වර්ටරයේ කාර්යක්ෂමතාවය අඩු බවයි.
චීන බඩු නම් කුණු බාල්දියට දමන්ඩ කාලය ඇවිල්ලා.