IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


අකුරැස්සේ ත්‍රිරෝද රිය අනතුරකින් 4 ක් තුවාල ලබති

(දෙනියාය විශේෂ එස්.ඩි.කොඩිකාර )


අකුරැස්ස දෙනියාය ප්‍රධාන මාර්ගයේ  වැලිව ප්‍රදේශයේදී අද (19) ප.ව. 5.00 ට පමණ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ගල් බැම්මක වැදි සිදුවූ අනතුරකින් ත්‍රි රෝද රථය පෙරළී ගොස්  මාර්ගය අයිනේ සිටි කුඩා ළමයින් දෙදෙනෙකු  සහ ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනෙකු තුවාල ලබා මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇතැයි මොරවක පොලිසිය කියයි.


මෙම අනතුරින් තුවාල ලබා ඇත්තේ වයස අවුරුදු  (12) සම වයස් වල  පසු වන උපකාරක පන්ති නිමවී නිවස බලා යාමට සිටි පාසැල් සිසුන් දෙදෙනෙකු බව පොලීසිය කියයි .අනෙක් තුවාල කරුවන් දෙදෙනා වයස අවුරුදු (34) වන රෝද රථයේ රියදුරු සහ පසුපස පැමිණි අනෙක් පුද්ගලයා බව පොලීසිය සඳහන් කරන අතර අනතුරින් ත්‍රිරෝද රථයට ද දැඩි අලාභ හානි සිදු වී ඇත.


අනතුර සිදුවන අවස්ථාවේ ත්‍රිරෝද රථ ය අකුරැස්ස ප්‍රදේශයේ සිට අධික වේගයෙන් පැමිණ ඇති අතර වැලිව ප්‍රදේශීය වංගුවක් හැරවීමට යාමේදී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.තුවාලකරුවන් 1990 දරන  ගිලන් රථ සේවය මොරවක රජයේ රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරවක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

 



අදහස් (0)

අකුරැස්සේ ත්‍රිරෝද රිය අනතුරකින් 4 ක් තුවාල ලබති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 181 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site