(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
අක්මිමන පොලිස් වසමේ සිදුකල විශේෂ අපරාධ මැඩලීමේ මෙහෙයුමකදී හෙරොයින් සමගින් සැකපිට සිව් දෙනෙක්ද, අධිකරණය මඟහරිමින් සිටි වරෙන්තුකරුවන් තිදෙනෙක්ද සමගින් පුද්ගලයින් 10 ක් අත් අඩංගුවට ගෙන තිබේ.
සෙසු සැකකරුවන් වන්නේ බීමතින් රියපැදවුවන් දෙදෙනෙක් සහ කේරළ ගංජා තම සන්තකයේ තබාගත් පුද්ගලයෙකි.
හෙරොයින් සමඟ සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ නාරාවල සතිපොල,ජයන්ති හන්දිය සහ වලහන්දුව යන ස්ථානවලිනි.
සැකකරුවන් අද (18) ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd