(ජේ.කේ.එල් චාමින්ද)
යතුරුපැදිවලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකෑමේ නිරත කොල්ලකරුවන් තිදෙනෙකු කොල්ලකනු ලැබු රන්මාල 9ක් හා කොල්කෑම් සඳහා යොදා ගත් යතුරුපැදි දෙකක් සමඟ අත්අඩංගුවට ගත් බව අක්මීමන පොලිසිය කියයි.
මෙම කොල්ලකරුවෝ තිදෙනා අක්මීමන පොලිස් බල ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
හබරාදුව ,ගාල්ල සහ අක්මීමන යන පොලිස් බල ප්‍රදේශවලදී මොවුන් යතුරුපැදි වලින් ගොස් කාන්තාවන්ගේ ගෙල බැදි රන්මාල කොල්ලකා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
කොල්ලකනු ලැබු රන්මාල වල වටිනාකම රුපියල් ලක්ෂ 10ක් පමණ වන බවද පොලිසිය කියයි.
කොල්ලකරුවන් තිදෙනා දැඩි ලෙස මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අය බවද පොලිස් පරික්ෂණ වලදි අනාවරණය වී ඇත. එක් කොල්ලකරුවෙකුට මත්කුඩු පානය කිරිම සඳහා දිනකට රුපියල් තුන්දහසක් පමණ වැයවන බව පරික්ෂණ වලදී අනාවරණය වී ඇති අතර මත්කුඩු පානය කිරිමට මුදල් සොයා ගැනීම සඳහා රන්මාල කොල්ලකෑම් කර ඇති බවද පරික්ෂණ වලදී අනාවරණය වී තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
රන්මාල කොල්ල කෑමේ ගිය තිදෙනෙක් අත්අඩංගුවට