IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


යූනියන් ඇෂුවරන්ස් වෙතින් උත්සව සමය වෙනුවෙන් One Galle Face හිදී විශේෂ වැඩසටහන් පෙළක්

යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙවර උත්සව සමය වෙනුවෙන් One Galle Face හිදී විශේෂ වැඩසටහන් පෙළක් සංවිධානය කිරීමට කටයුතු යොදා ඇත. ඒ යටතේ 2021 දෙසැම්බර් 10 දින සිට 2021 දෙසැම්බර් 24 දින දක්වා One Galle Face බිම් මහලේදී නොමිලේ සෞඛ්‍ය පරීක්ෂණ පිරිනැමීමට සැලසුම් කර ඇති අතර, ඊට හෘදයාබාධ හා ආඝාත තත්ත්වයන් ඇතිවීමේ අවදානම කල්තබා හඳුනා ගැනීම සඳහා භාවිතා කළ හැකි, හෘදවාහිනී වයස (cardiovascular age) පරීක්ෂා කිරීමද ඇතුළත් වේ.

එමෙන්ම සුප්‍රකට ගායක දෙපළක් වන භාතිය හා සන්තුෂ්ගේ සහභාගීත්වයෙන් දෙසැම්බර් 22 දින විශේෂ වැඩසටහනක් පැවැත්වීමටද සැලසුම් කර ඇත. එදිනට One Galle Face හි යූනියන් ඇෂුවරන්ස් කුටියට පැමිණෙන ගනුදෙනුකරුවන්ට භාතිය හා සන්තුෂ් හමුවීමටත්, ඔවුන් සමග ඡායාරූප වලට පෙනී සිටීමටත් අවස්ථාව ලැබේ.

මෙම වැඩසටහන තුළදී ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිවැරදිව හඳුනා ගනිමින්, ඔවුන්ට සුරක්ෂිත සහ මූල්‍ය වශයෙන් ස්ථාවර අනාගතයක් සඳහා මහෝපකාරී වන විසඳුම් එකතුවක් පිරිනැමීමට යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පළපුරුදු මූල්‍ය උපදේශකවරුන් කටයුතු කරනු ඇත.

මෑතකදී හඳුන්වා දුන් HEALTH 360 රැකවරණය නිසා දැන් වියදම් පිළිබඳව සිත්තැවුල් ඇතිකර ගැනීමකින් තොරව, තමන් සහ තම ආදරණීයයන් වෙනුවෙන් ඉහළම තලයේ සෞඛ්‍ය සේවාවන් ලබාගැනීමට රක්ෂණ හිමියන්ට අවස්ථාව ලැබී තිබේ. HEALTH 360 යනු මුළු පවුලේම සෞඛ්‍ය අවශ්‍යතාවන් ආවරණය කරන විසඳුමක් වන අතර, එමගින් රෝහල් ගාස්තු, සැත්කම්, ඖෂධ, මාතෘ සේවාවන්, වෛද්‍ය ගාස්තු, දන්ත වෛද්‍ය සේවා ගාස්තු සහ අක්ෂි සේවා ගාස්තු ඇතුළු පුළුල් පරාසයක් ආවරණය කෙරේ. මෙරට සෞඛ්‍ය අතිරේක ආවරණයක උපරිම වයස් සීමාව වන අවුරුදු 75 දක්වාම එමගින් ආවරණය ලැබෙන අතර, වසරක් සඳහා ආවරණ සීමාව රු. මිලියන 60 කි. මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු One Galle Face හි යූනියන් ඇෂුවරන්ස් කුටිය වෙතින් ලබාගත හැකි අතර, අවශ්‍ය නම් එහිදී HEALTH 360 ආවරණයක් මිලදී ගැනීමටද අවස්ථාව ලැබේ. ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාවන් අනුව එම ආවරණය සැලසුම් කරගැනීමට, යූනියන් ඇෂුවරන්ස් සමාගමේ පළපුරුදු මූල්‍ය උපදේශකවරුන්ගේ මගපෙන්වීම හිමිවනු ඇත.

ආරක්ෂාව, අධ්‍යාපනය, සෞඛ්‍යය, ආයෝජනය සහ විශ්‍රාම ජීවිතය යන අංශ වලට අදාළව තම ජීවිතයේ ඉලක්ක ළඟා කරගැනීමට ගනුදෙනුකරුවන්ට අත්වැලක් වීම සඳහා යූනියන් ඇෂුවරන්ස් සෑම විටම කැපවී සිටී.

නවීන ලෝකයේ ගනුදෙනුකරුවන්ගේ අපේක්ෂාවන්ට ගැළපෙන පරිදි, සියලුම සෞඛ්‍ය පරීක්ෂණ වාර්තාවන් ඩිජිටල් ක්‍රමයට නිකුත් කිරීමට යූනියන් ඇෂුවරන්ස් සමාගම සැලසුම් කර ඇත. එමෙන්ම ගනුදෙනුකරුවන්ට විශිෂ්ටතම තලයේ විසඳුම් හා සේවාවන් පිරිනැමීම සඳහා යූනියන් ඇෂුවරන්ස් රක්ෂණ උපදේශකවරු සෑමවිටම සූදානමින් සිටිති.

ශ්‍රී ලංකාවේ විශාලතම ලැයිස්තුගත සමූහ ව්‍යාපාරයක් වන ජෝන් කීල්ස් සමූහයේ සාමාජිකයෙකු වන යූනියන් ඇෂුවරන්ස් සමාගම මෙරට පැරණිතම පෞද්ගලික ජීවිත රක්ෂණ සමාගම් අතරින් එකකි. මේ වනවිට එහි 3,000 කට අධික පරිසක් සේවය කරන අතර, රටපුරා ශාඛා 82 ක් විවෘත කර තිබේ. එම සමාගම 2021 ජූනි මාසය වන විට රු. බිලියන 16.6 ක වෙළඳපොළ ප්‍රාග්ධනීකරණයක්, රු. බිලියන 45.3 ක ක ජීවිත රක්ෂණ අරමුදලක් සහ 300% ක ප්‍රාග්ධන සප්‍රමාණතා අනුපාතයක් (Capital Adequacy Ratio - CAR) වාර්තා කරගෙන ඇත. ශ්‍රී ලාංකිකයන්ට තම සිහින හඹා යාමට අත්වැලක් වෙමින් එම සමාගම, අධ්‍යාපනය, සෞඛ්‍ය, ආයෝජන, රැකවරණය සහ විශ්‍රාම ජීවිතය යන විවිධ අංශ ආවරණය වන පරිදි රක්ෂණ විසඳුම් රාශියක් හඳුන්වා දී තිබේ.

 



අදහස් (0)

යූනියන් ඇෂුවරන්ස් වෙතින් උත්සව සමය වෙනුවෙන් One Galle Face හිදී විශේෂ වැඩසටහන් පෙළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 81 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 879 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 616 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site