(ජයන්ත සමරකෝන්)
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමට අත එසවීම ගැන තමා අද කනගාටුවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කණ්ඩායමේ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ඊයේ (31) පැවසීය.
ඉදිරියේදී මෙම වරද නිවැරදි කිරීමට අවස්ථාවක් ලැබුණොත් එය ඉටුකරන බවද ඔහු කීය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සඳහා ජවිපෙන් ගෙන 20 වැනි සංශෝධනයට සිය කණ්ඩායම මුළුමනින්ම විරුද්ධ යැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ මෙම 20 වැනි සංශෝධනය මගින් ජවිපෙට ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් යැයි ලක්ෂමන් යාපා අබේවර්ධන මහතා කීය.
ඔහු මෙසේ පැවසුවේ පුංචි බොරැල්ල ආනන්ද රාජකරුණා මාවතේ පිහිටි රාජකරුණා මාවතේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතාගේ පක්ෂ කාර්යාලයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය සඳහන් කළේය.
COMMENTS
මොනා කරනවද, මොනා කියවනවද කියල ඒ ගොල්ලෝම දන්නේ නැහැ .
ජනතාව කතිරය ගසා ආණ්ඩුවක් පත්කරවන්නේ ජනතා ප්‍රශ්න විසඳා ගන්නයි නමුත් ජනතාවට වෙලා තිබෙන්නේ දේසපලකයාගේ අදෝනා අස අසා ඔහේ සිටීමටයි
චානක් ඔබ පැවසුවේ සත්‍යකි. පක්ෂ වල තියන අදෝනා හැර වෙන මොනවත් නැහැ.
ඔබලා වෙනුවෙන් ඡන්දය පාවිච්චිකලාට අපි අද කනගාටු වෙනවා.
එදා 18ට අත එසෙව්වාට කණගාටු වුණා, අද 19ට අත එසෙව්වාට කණගාටු වෙනවා, හෙට...? අනිද්දා 20ට අත එසෙව්වාට කණගාටු වේවි. අනිත්‍ය, දුක්ඛ. අනාත්ම.
ඔවුන් බුද්ධිමත්ව කටයුතු නොකරන බව මේ ප්‍රකාශයේ නියම අර්ථයයි.