IMG-LOGO

2025 දෙසැම්බර් මස 08 වන සඳුදා


​සෝෆා ගිවිසුම අත්සන් කළොත් ඇමෙරිකා හමුද‌ාව ලංකාවේ

ආචාර්ය බන්දුල ගුණවර්ධන

 

ඇමෙරිකානු රජය හා ශ්‍රී ලංකාව අතර අත්සන් තැබීමට යන සෝෆා ගිවිසුම මගින් මෙරට යළි මුළුමනින්ම යටත් විජිතයක් වන බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්​ෙ‌ය්ෂණ අංශයේ ප්‍රධානී, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.  


මෙම ගිවිසුම මගින් මෙරට හමුද‌ා භටයකුටත් වඩා වැඩි වරප්‍රසාද ඇමෙරිකානු භටයකුට හිමිවන බව සඳහන් කළ ආචාර්ය ගුණවර්ධන මහතා මෙසේ ද සඳහන් කළේය.  
මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාව මුළුමනින්ම ඇමෙරිකාවේ යටත් විජිතයක් බවට පත්වීම සිදුවෙයි. ඇමෙරිකාව උපක්‍රමශීලීව මෙරට ආක්‍රමණය කිරීමේ සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලබන බව පැහැදිලිය.  


යුද පුහුණු කිරීම්, මානුෂීය මෙහෙයුම්, ඇමෙරිකානු හමුද‌ාවන්ට දෙන පහසුකම්, භූමිය ලබා දීම ආදිය සම්බන්ධයෙන් දැනට ඇමෙරිකානු තානාපති කාර්යාල හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අතර සාකච්ඡා ආරම්භ වී ඇත. සෝපා ගිවිසුම වශයෙන් හඳුන්වන්නේ එයයි.  


මේ ගිවිසුම පිළිබඳව දැන් මාස කීපයක් තිස්සේ ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල පුළුල් සාකච්ඡාවක් ආරම්භ වී ඇත. එය රටට අහිතකර, රටේ ස්වෛරීත්වයට හා ජනතා පරමාධිපත්‍යයට හානිකර, රට ඇමෙරිකාවට පාවා දෙන ගිවිසුමක් ලෙසට දේශපාලන වශයෙන් අර්ථකථනය වීම සිදුවේ.  


එබැවින් මේ පිළිබඳව ගැඹුරින් අර්ථකථනයක් කිරීමට හිටපු ජනාධිපති, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටු දෙකක් පත්කර ඇත. එකක් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ප්‍රමුඛ විදේශ අමාත්‍යාංශයේ සිටි හා විදේශ දූත සේවයේ යෙදුණ පළපුරුදු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවකි. දෙවැන්න ජනාධිපති නීතිඥවරුන්ගෙන් සමන්විත නීතිමය බලපෑම් පිළිබඳව සොයා බලන කමිටුවකි.  


මේ කමිටු දෙකේ වාර්තා කඩිනමින් ලබා දෙනු ඇත. ඉන්පසු එළඹෙන පාර්ලිමේන්තු සභාවාරයේදී මේ පිළිබඳව පාර්ලිමේන්තුවෙන් රටේ ජනතාවගෙන් විශේෂ අවධානයක් යොමු කිරීමට බලාපොරොත්තු වේ.  


 ඒ අතර මේ කරුණට උනන්දුවන කණ්ඩායම් විසින් ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්​ෙ‌ය්ෂණ ඒකකයට කරුණු ගණනාවක් ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් පැහැදිලි කරගන්නා ලෙසට ඉල්ලා ඇත. තානාපති සබඳතා පිළිබඳ වියානා සම්මුතියේ විධිවිධානවලට අද‌ාළ කර ගනිමින් ඇමෙරිකාවේ ආරක්ෂක අංශ නිලධාරීන්ට වීසා රහිතව නිදහසේ මේ රටට ඇතුළු වීමටත් පිටවීමටත් මෙම ගිවිසුමෙන් අවස්ථාව සැලසෙයි. මීට අමතරව ඇමෙරිකානු රජය හෝ ඇමෙරිකාවේ ප්‍රාන්ත රජය විසින් ඇමෙරිකානුවෙකුට වෘත්තීය බලපත්‍ර නිකුත් කර ඇත්නම් ඒවා ලංකාවේ ද එලෙසින්ම වලංගු තත්ත්වයට පත් කිරීමට යෝජනා වී ඇත.  


මේ ආකාරයට ඇමෙරිකාව මෙන්ම ලංකාවත් ඇමෙරිකාවක් වනු ඇත. ඒ අයගේ වෘත්තීය බලපත්‍රය මෙරටත් වලංගු නම් යුද හමුදා නිල ඇඳුමෙන් සැරසී ආයුධ සන්නද්ධව රට ඇතුළත ඕනෑම ප්‍රදේශයක ගමන් කිරීමට අවස්ථාව සැලසේ. මේ මගින් සිදුවන්නේ ස්ව ජාතිකයකුටවත් වඩා වැඩි සුවිශේෂී වරප්‍රසාද මෙම ගිවිසුම යටතේ ඇමෙරිකානුවන්ටත් හිමිවීමයි.  


 ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමේ දී ඇමෙරිකානු හමුද‌ාවල විනය පාලන කටයුතුවලට අපට කිසිදු බලපෑමක් කිරීමට ද නොහැකි වේ.  


 යම් හමුද‌ා භටයෙකු අතින් මෙරට තුළදී යම් අපරාධයක් සිදුවුවහොත් එය ඇමෙරිකන් අපරාධ නීතිය යටතේ යුක්තිය පසිඳලීමේ කාර්යයක් වනු ඇත. 

 
තවත් කරුණක් නම් ලංකාව තුළ කටයුතු කිරීමේ දී ඇමෙරිකානු පුද්ගලයන්ට අවශ්‍ය දේපොළ උපකරණ ගෙන්වා ගැනීමට ආනයනයට අපනයනට කිසිදු බාධාවක් මෙම ගිවිසුමට අනුව සිදු නොවේ. මීට අමතරව තීරු බදු අය කිරීමකින් තොරව අවශ්‍ය බඩු බාහිරාදිය ආනයනය කර ගැනීමට ද අවස්ථා සැලසේ.  

 

මෙම ගිවිසුම මගින් ශ්‍රී ලංකාව මුළුමනින්ම ඇමෙරිකාවේ යටත් විජිතයක් බවට පත්වීම සිදුවෙයි. යුද පුහුණු කිරීම්, මානුෂීය මෙහෙයුම්, ඇමෙරිකානු හමුද‌ාවන්ට දෙන පහසුකම්, භූමිය ලබා දීම ආදිය සම්බන්ධයෙන් දැනට ඇමෙරිකානු තානාපති කාර්යාල හා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය අතර සාකච්ඡා ආරම්භ වී ඇත. සෝෆා ගිවිසුම වශයෙන් හඳුන්වන්නේ එයයි. 


 අසීමිත බදු නිදහසක් ප්‍රද‌ානය කර ඇත. ස්වදේශිකයන්ට බදු දඩයමක් කරනු ලබන රජය ඇමෙරිකානුවන්ට බදු සියල්ලක්ම නිදහස් කර ඇත.  


 ඇමෙරිකානු ආරක්ෂක අංශය යොද‌ා ගන්නා යාන වාහන රට ඇතුළත ඕනෑම ප්‍රදේශයක ධාවනය කරවීමටත් ඒ වාහන සියලු ගාස්තුවලින් ද නිදහස් කිරීම ද කරනු ලබයි. එම වාහනවලට වාහන බලපත්‍ර, ලයිසන්, ආද‌ායම් බලපත්‍ර ගාස්තු අවශ්‍ය නොවේ. අධිවේගී මාර්ගයක ධාවනය කිරීමට ගාස්තු අය නොකෙරේ.  


ගුවන් තොටුපළ හා වරාය ගාස්තු අය කිරීම සිදු නොවේ. ගුවන් තොටුපළවල ඇති සියලු ගාස්තුවලින් නිදහස් කර ඇත. වරාය ගාස්තු ප්‍රමා ද ගාස්තු, ඒ කිසිවක් අය නොකරයි. ඕනෑම ගුවන් යානාවක් මේ රටේ දේශසීමාවලට ඉහළින් ධාවනය කිරීමේ දී ශ්‍රී ලංකාවට ගාස්තුවක් ගෙවිය යුතු වුවත් ඇමෙරිකානු ගුවන් යානා ඒ ගාස්තුවලින් නිදහස් කර ඇත.  
වරායට, ගුවන් තොටුපලට එන පුද්ගලයන්, භාණ්ඩ කිසිදු පරීක්ෂණයකට යොමු නොකරනු ලබයි. ඇමෙරිකානු හමුද‌ාවට මේ රට තුළ ගුවන් විදුලි, විදුලි සංදේශ ජාලා පිහිටුවා ගත හැකිවන අතර ඒවා සඳහා ශ්‍රී ලංකා රජය කිසිදු මුදලක් අය නොකරයි. මෙවැනි පහසුකම් ඇමෙරිකාවට ලබාදීම සඳහා සාකච්ඡා වෙමින් සිටිති.  


මීට පෙරත් ඇමෙරිකාව සමඟ ආරක්ෂක කටයුතුවලට සම්බන්ධ ගිවිසුම්වලට අත්සන් තබා ඇත. එහෙත් එම ගිවිසුම්වලින් රටේ ස්වාධිපත්‍යයට හානි වීමක් හෝ ඇමෙරිකානු හමුද‌ාවන්ට දේශීය පුරවැසියන්ටත් නොමැති තරම් වරප්‍රසාද වරද‌ාන ලබා දීමක් සිදුවී නැත. මෙරට තුළ නිල ඇඳුමෙන් සැරසුණ විදේශ හමුදා නිලධාරීන්ට මේ රට තුළ නිදහසේ සැරිසැරීමට අවස්ථාවක් ලබා දී නැත. නමුත් ඇමෙරිකානු හමුද‌ාවන්ට රිසිසේ මේ රට තුළ හැසිරීමට අවස්ථාව සැලසෙනු ඇත.  


අපේ රටේ ඉතිහාසය තුළ විදේශීය හමුද‌‌ාවක් රටේ සීමිත ප්‍රදේශයක හෝ කිසිම තැනක ආයුධ සන්නද්ධව නිල ඇඳුමෙන් හැසිරීමට අවස්ථාව ලැබුණේ එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කිරීමේ අරමුණ ඇතිවය. ජේ.ආර්. ජයවර්ධන මහතා අත්සන් කළ ගිවිසුම මගින් ඉන්දියානු සාම සාධක හමුද‌ාව ඔවුන්ගේ ආයුධ නිල ඇඳුම් වලින් උතුරු ප්‍රදේශයට ගොඩ බසිනු ලැබූහ.  


දීර්ඝ කාලයක් ඔවුන් රැඳි සිටියේ අපේ රටේ අවශ්‍යතාවකටය. නමුත් එය විශාල අර්බුදයක් බවට පත් වී වඳුරු හමුද‌ාවක් යන සමාජ පාටය ද ඇතිවුණි. මේ තුළ ඇති වූ ඉන්දියානු විරෝධය පදනම් කරගෙන ඇති වූ මිනිස් ඝාතන නිසා මේ රට විශාල ව්‍යසනයකට ලක් විය. මිනිස් ජීවිතවලින් විශාල වන්දියක් ගෙවීමට සිදුවිය.  


හමුද‌ාව මෙරටට එවූ එවකට ඉන්දීය නායක රජිව් ගාන්ධි මහතාටත් එල්ටීටීඊ ප්‍රහාරයකින් ඝාතනය වීමට සිදුවිය. නමුත් මේ ගිවිසුම ඊට වඩා වෙනත් දෙයකි. අපේ රටට මේ ඇමරිකානු හමුද‌ාව පැමිණෙන්නේ රටේ ආරක්ෂාවට නොව ඔවුන්ගේ ඉන්දියානු සාගර කලාපය තුළ යුද්ධමය හා ඊට අද‌ාළ අවශ්‍යතාවන් ඉටුකර ගැනීමය.  


මේ බරපතළ ප්‍රශ්නය වෙනුවෙන් ත්‍රිකුණාමලයේ සිට කොළඹ දක්වා ‘ආර්ථික කොරිඩෝවක්’ ඔවුන්ට පැවරීම සිදු වේ. කිලෝ මීටර් 200 ක අක්කර 12,000 ක පමණ භූමි ප්‍රමාණයක් මෙම ‘ආර්ථික කොරිඩෝවට’ අයත් වේ. එම මුළු භූමි ප්‍රමාණයම ඇමෙරිකාවේ අණසකට යටත් වනු ඇත.  


 මෙම සෝපා ගිවිසුම 1815 කන්ද උඩරට ගිවිසුමටත් වඩා බරපතළ විනාශකාරී ගිවිසුමක් වනු ඇත. දැනට කර ඇති සොයා බැලීම්වලට අනුව මෙම ගිවිසුම රටට බරපතළ තත්ත්වයක් ඇති කරවන්නකි. ඇමෙරිකාවට එවැනි අවශ්‍යතාවක් නොමැති බව එරට තානාපතිනිය ප්‍රකාශ කර තිබෙනවා. අප ප්‍රකාශ කරන කරුණුවල සත්‍යයක් නොමැති බවත් ඇය ප්‍රකාශ කර ඇත. නමුත් ඒ සඳහා වඩාත් හොඳම ක්‍රමය නම් විදේශ කටයුතු අමාත්‍යාංශය හා ඇමෙරිකානු තානාපති කාර්යාලය, රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් මේ සම්බන්ධයෙන් නිකුත් වූ ලිපි ලේඛනාදිය උත්තරීතර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළහොත් එය මේ රටේ ජනතාවට කරනු ලබන ගෞරවයකි.  


 එමෙන්ම අපිට වඩා හොඳින් එම ගිවිසුම රටට අහිතකර ද යන්න පිළිබඳව අධ්‍යයනය කිරීමට අවස්ථාව සැලසෙයි. කටකතා පැතිරීම ද වැළැක්වෙයි. වැරදි තොරතුරු ප්‍රචාරය කිරීමක් සිදුවන්නේ ද නැත. නිල වශයෙන් ඇමෙරිකානු එක්සත් ජනපදය සමඟ අත්සන් කෙරෙන සියලු ගිවිසුම්, අත්සන් තැබීමට ප්‍රථම ලංකාවේ ව්‍යවස්ථාද‌ායකය තුළ සාකච්ඡා කිරීමට ඉඩ සලසා දීම වඩාත් සුදුසු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය වෙයි.  


 ඒ නිසා ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්​ෙ‌ය්ෂණ ඒකකය වශයෙන් මේ ගිවිසුම හා සම්බන්ධව ඇති සැක සංකා සහිත කරුණු 15 ක් පිළිබඳව ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉක්මන් පිළිතුරක් බලාපොරොත්තුව සිටී.   

 

 

දයාසීලි ලියනගේ 

 



අදහස් (0)

​සෝෆා ගිවිසුම අත්සන් කළොත් ඇමෙරිකා හමුද‌ාව ලංකාවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 302 0
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 418 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 393 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site