IMG-LOGO

2024 ජුලි මස 27 වන සෙනසුරාදා


‘සැලුන් දොර වසන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ‘

(*** ජයන්ත සමරකෝන්)

දැන් තිබෙන සැලුන් දොර වෙනුවට ශක්තිමත් යකඩ දොරක් දැමීමට නම් එළැඹෙන මහ මැතිවරණයේදී තුනෙන් දෙ​ෙක් බලයක් අවශ්‍ය යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (6) පැවසීය.

ජනතාව මේ වනවිට ඒ බැව් තීරණය කර අවසන් බවද කොළඹ 7 ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති යුතුකම ජාතික සංවිධානයේ සම්මන්ත්‍රණයකදී අග්‍රාමාත්‍යවරයා කීය.

‘50 වසරක මහින්ද මෙහෙවර කූට ප්‍රාප්තිය’ ලෙස එය නම් කර තිබුණි.

සම්මන්ත්‍රණයේ මුලසුන අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියන් විසින් හොබවනු ලැබූහ.
එහිදී අදහස් දක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද පැවසීය.

අද මෙම උත්සවයට එනවාද නැද්ද කියලා මම දෙවරක් සිතුවා, ආරාධනා කරන විට. දේශපාලනයේ අවුරුදු 50ක් ගැන කියන දෙයක් නිසා එය භාර නොගන්නට සිතුවත් ‘යුතුකම’ ඉදිරිපත් කරන අනාගත වැඩපිළිවෙළක් නිසා එය භාර ගත්තා.

2015 දී රටේ මිනිසුන්ට (දකුණ හැර) යුතුකම අමතක වුණු නිසා මුළු රටම වෙනස් වුණා. විදේශ රටවල්වල මැදිහත්වීමෙන් සිදුවූ එම කුමන්ත්‍රණයේ ප්‍රතිඵල දැන් රටටම විඳින්නට සිදුවෙලා.

බොරු  ප්‍රචාරවලට රටේ ජනතාව රැවටුණා. වැටුණු රට යළි ගොඩගන්නට නම් ජනාධිපතිවරයාට ශක්තිමත් රජයක් ලබාදිය යුතුයි. පූර්ණ බලය පාර්ලිමේන්තුවක අවශ්‍යතාව අද වෙනදාටත් වඩා දැනෙන්නට පටන් ගෙන තිබෙනවා.

ගෝල්පේස්වල ඉඳන් කොල්ලුපිටිය දක්වා එදා සියලුම කඩ සාප්පු, ඉඩකඩම්, හෝටල් මට  අයිති බවට ගෙනගිය බොරු ප්‍රචාරවලට 2015දී ජනතාව රැවටුණා.

ඩුබායි බැංකුවල මගේ ගිණුම් ගැන චෝදනා කළා. ඒ චෙක්පොත් මං දුන්නා නම් රටේම ප්‍රශ්න විසඳන්නට තිබුණා. මාව හම්බවෙන්න ආ විදේශ තානාපතිවරුන්ටත් මේ ගැන මම කිව්වා.

ව්‍යවස්ථා වෙනසක් කරන්නට නම් 2/3ක් අවශ්‍යයි.

එහෙම නොවුණොත් සැලුන් දොර අරින්නට වෙනවා. ඒක වහන්නට නම් ශක්තිමත් යකඩ දොරක් දැමිය  යුතුයි. ඊට ශක්තිමත් පාර්ලිමේන්තුවක් තිබිය යුතුයි.

අද ජනතාව ඒ බව තීරණය කර අවසන්.
එජාපය අද වනවිට දෙකට කැඩිලා. දෙපැත්තෙම පවතින්නේ උග්‍ර සටනක් ගැටුමක්.
එජාපය කියන්නේ එදා මහා බලගතු පැරණිම පක්ෂයක්. දැන් කඩලා දාලා. එදා ඉඳන්ම ඒ පක්ෂයට සිදුවුණේ ඒකයි.
මම ජනාධිපතිවරයාට කිව්වේ වැඩ කරන්න. අපි දේශපාලනය කරන්නම් කියලයි.
එදා මගේ පක්ෂයේ ලේකම්වරයා අරන් රනිල් මෛත්‍රී ආණ්ඩුවක් හැදුවේ රාජපක්ෂලා නැති කරන්නටයි.
අන්තිමේදී සිදුවුණේ රට අයාලේ යන තත්ත්වයට පත්වීම පමණයි.

ජනාධිපතිවරයා රටට ඉදිරිපත් කළ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට මම බලාපොරොත්තු වෙනවා. රට සම්පූර්ණයෙන්ම බේරා දෙන්නට මම සූදානම්. රටේ සංස්කෘතිය, සභ්‍යත්වය ආරක්ෂා වන්නට නම්  ‘යුතුකමට’ තැන දින යුතුයි.
අස්ගිරි පාර්ශ්වයේ මහා ලේඛකාධිකාරි මැදගම ධම්මානන්ද නාහිමියෝ අදහස් දක්වමින් මෙසේ පැවසූහ.

මේක මහින්ද  මෙහෙවර කූට ප්‍රාප්තිය කරා ගෙන යාමක් මිස මැතිවරණ ප්‍රචාරක වැඩපිළිවෙළක් නොවෙයි.
නැවත පාර්ලිමේන්තුවක් පත්කර ගත්විට ක්‍රියාත්මක කළ යුතු යෝජනා කීපයක් ඉදිරිපත් කිරීමයි මෙහිදී සිදුවන්නේ.
30 වසරක ත්‍රස්තවාදී යුද්ධයක් අවසන් කළ ජන නායකයා 2015දී ජනතාවට අමතක වී ගියා. මේ රටේ දේශ හිතෛෂි කිසිවකුටත් ඒ මහා මෙහෙවර අමතක කරන්නට පුළුවන් වන්නේ නැහැ.

අපට නිදහසේ ජීවත්වීමේ නිදහස ලබාදුන් නායකයකුට අපේ කෘතඥතාව හිමිවිය යුතුයි.

අර්බුදකාරී 13 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී බෙදුම්වාදයට ඉඩ නොදී ඉඩම් හා පොලිස් බලතල තබාගෙන ඒකීය රාජ්‍ය සංකල්පය ආරක්ෂා කර දීමට එතුමා කටයුතු කළා. ඒ විශ්වාසය ඉදිරියටත් තහවුරු කරගන්නට එතුමා කැපවන බව රටම දන්නවා.
අගමැතිවරයා තුළ ඇති ජනමුල හැඟීම් හැකියාව අප අගය කරන්නේ ඒකයි.

යුතුකම ජාතික සංවිධානයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේ පැවසීය.
ශක්තිසම්පන්න රාජ්‍යයක් වෙනුවෙන් අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනාවලියක් අගමැතිතුමාට පිළිගැන්වීමට හැකිවීම සතුටට කරුණක්.
මූලික කරුණු 5ක් සහිත  මෙම යෝජනාවලිය එතුමාගේ  50 වසරක යුග මෙහෙවරට උපහාරයක් ලෙස සැලකිය හැකියි.

යුතුකම මූලික කරගත් සමාජයක් අප බිහි කළ යුතුයි. 2015 වසරේදී රටේ ජනතාවට අමතකව ගිය යුතුකම නැවත මතක් කරදීම සඳහායි අප යුතුකම බිහි කළේ.

මහින්ද රාජපක්ෂ ජනනායකයා අප මව්බිමට ඉටුකළ යුගයුග අනුස්මරණීය සේවාව පිළිබඳව සමාජ සංවාදයක් සඳහා මේ සුදුසුම කාලයයි.
යුතුකම සංවිධානයේ ජාතික සංවිධායක කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අපේක්ෂක අනුප පැස්කුවල්  මහතා පිළිගැනීමේ කතාව කළේය.

මහාචාර්ය කඹුරුගමුවේ වජිර, බෙල්ලන්විල ධම්මරතන, මුරුත්තෙට්ටුවේ ආනන්ද, දෙහිවල නැදිමාල බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරම විමලජෝති යන නාහිමිවරුද, අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක්ද එම අවස්ථාවට සහභාගී වූහ.



අදහස් (0)

‘සැලුන් දොර වසන්න නම් තුනෙන් දෙකක බලයක් ඕනෑ‘

ඔබේ අදහස් එවන්න

දේශපාලන

සජිත්ගෙන් ඉල්ලීමක්
2024 ජුලි මස 01 381 2

මානුෂීය මෙහෙයුම හරහා තිස් වසරක යුද සාපය අවසන් වී රට සුරක්ෂා වූවා සේ දූෂිතයන්ගෙන් වංචනිකයන්ගෙන් මූල්‍ය ඝාතකයන්ගෙන් රට බේරා ගන්නා ඊළඟ මෙහෙයුමට නායකත්ව


මාතරින් නව දේශපාලන ගමනක් ඇරැඹුවා
2024 ජුනි මස 30 3866 21

අද තිබෙන්නේ පුද්ගලවාදය හෝ පක්ෂවාදය නොව, රට පෙරට තබා සියලුදෙනා පොදු එකඟතාවකින් ඉදිරියට යාම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


අනුර - දෙමළ මන්ත්‍රිවරු අතර හමුවක්
2024 ජුනි මස 11 1673 5

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (11) යාපනයේ සිදු කළ සංචාරය අතර තුර තමිල් අරසු කච්චි පක්ෂ කාර්යාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්


‘‘නව නායකයාට අලුත් දැක්මක් තිබිය යුතුයි‘‘
2024 ජුනි මස 01 1239 7

ඉදිරි ජනාධිපතිවරණයෙන් රටේ නායකත්වයට පත්වෙන ජනාධිපතිවරයාට රටට අවශ්‍ය අලුත් දැක්මක් ලබා දිය නොහැකි නම් ජනතාවගේ අවශ්‍යතා සපුරාලිය නොහැකි වුවහොත් ඔහුට


’’ඡන්දෙ කල්දාන සෙල්ලම් අපි එක්ක බෑ’’
2024 මැයි මස 28 2657 18

ජනතාවගේ ප්‍රශ්න වලට ඇත්ත උත්තර ලබා දුන්නා නම් රටට මෙවැනි ඉරණමක් අත් නොවන බවත් එම නිසා මේ රැවටීමේ දේශපාලනයට තිත තැබිය යුතු යැයි ජාතික ජන බලවේගයේ නායක පා


‘‘මැතිවරණය කුමක් දැයි අපට අදාල නෑ‘‘
2024 මැයි මස 19 1417 17

ප්‍රථමයෙන් පවත්වන්නේ ජනාධිපතිවරණයද? මහ මැතිවරණය ද? යන්න කුමක් වුවත් ඒ දෙකටම මුහුණ දීමට ජාතික ජනබල වේගය සූදානම් යැයි එම පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි 2024 ජුලි මස 23 167 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ගංවතුරින් විපතට පත් ප‍්‍රදේශවල පවුල් 1100කට ආධාර ලබාදෙයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සහ ජෙනරල්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පසුගියදා ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්පහ, රත්නපුර සහ මාතර දිස්ත‍්‍ර

වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි 2024 ජුලි මස 13 221 0
වැලිබල් ෆිනෑන්ස්, ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵලයක් වාර්තා කරයි

වැලිබල් ෆිනෑන්ස් ගෙවුණු වසර 17ක කාලය පුරාවට ශ‍්‍රී ලංකාවේ මූල්‍ය ආයතනයන් අතර ප‍්‍රමුඛස්ථානයක් හිමි කර ගනිමින් 2023/24 මූල්‍ය වර්ෂයේදී සිය මූල්‍ය විශිෂ්ටත

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 1154 1
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

Our Group Site