IMG-LOGO

2025 ඔක්තෝබර් මස 24 වන සිකුරාදා


සිරිකොතේ තීරණයකින් ස්ථානාධිපතිවරුන් 170ක් මාරු කළා-ෂෙහාන් සේමසිංහ

(දයාරත්න ඇඹෝගම)

යහපාලන රජය පළාත් පාලන මැතිවරණය සඳහා මේ වන විටත් පොලිසිය සුදානම් කරමින් සිටින බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

එහි පළමු අදියර ලෙස සිරිකොතෙන් ගත් තිරණයක් අනුව අගෝස්තු මාසයේ සිට ඔක්තෝබර් මාසය දක්වා දිවයිනේ පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් 170 ක් මේවන විට ස්ථාන මාරු කර ඇතැයි ද ඒ මහතා කියයි.

අනුරාධපුර හීනාබෝගම දී ජනතාව දැණුම්වත් කිරිම සදහා අද(03) පැවති ජන හමුවකදි මන්ත්‍රිවරයා මේ බව කීය.

ඒ මහතා මෙසේද පැවසිය.

“ගොවියාට බිත්තර වී ටික නැහැ. පොහොර ටික නැහැ.වතුර ටික නැහැ.සෑම දෙයක්ම පිටරටින් ආනයනය කරන්න සිදු වෙලා. කව්පි ටික ,මුංඇට ටික වැනි අතිරේක භෝග කිසිවක් වගා කිරීමට විදියක් නැහැ. ගොවියා අද ඉතාමත් අසරණ වෙලා.

මේ ආණ්ඩුව මැතිවරණවලට බයයි. ජනතාව සහල් පරිභෝජනයෙන් ඇත් කරවා පාන් පිටි භාරිභෝජනයට නැඹුරු කරමින් සිටිනවා.පාන්පිටි  ගෙන්වන කොම්පැණි වලට දෙන බදු සහන නිසා රජයට වූ පාඩුව විශාලයි.  7.5% තිබූ ආර්ථික වර්ධනය 4% දක්වා අඩුවි තිබෙනවා. පසුගිය වසරේ 3% ට තිබුන උද්ධමනය මේවන විට 7% දක්වා ඉහල ගිහිල්ලා. 2014 වර්ෂයට වඩා රුපියල් කෝටි  අනූ අටදාහක්  බදු ගහලා.හොරකම් කරනවා. බදු ගහනවා. ඡන්ද කල් තියනවා .ඒක තමයි මේ රජයේ ප්‍රතිපත්තිය.විදේශිත සංචිත 40% කරලා. වැරදි කළමනාකරණයක් තිබෙන්නේ.කිසිම අරමුණක් නැති ආණ්ඩුවක්.

රටේ අනෙක් සංවර්ධන ක්‍රියා දාමයන් අසාර්ථක වුවද වත්මන් යහපාලන රජය විරුද්ධවාදීන්ගෙන් පළිගැනිම පමණක් ඉතා සාර්ථක අයුරින් ‍කරනවා.

මේ යහපාලන ආණ්ඩුව පසුගිය වසරේ අය වැය හතර වතාවක් සංශෝධනය කළා. එමගින් එම අයවැය අවුලෙන් අවුලක් බවට පත්වුණා.මෙන්න මේ දේ නිසා තමයි අපේ රට බලාපොරොත්තු විදියට  ගමනක් යන්නේ නැත්තේ. මේ හේතුවෙන් ජනතාව දැඩි කළකිරීමට පත්වි සිටිනවා.

ඊළග කාරණය තමයි මේ ආණ්ඩුවට පැහැදිලිවම රට පාලනය කිරීමේ හැකියාවක් නැහැ.2015 අවුරුද්දේ මැතිවරණ වේදිකාවල ප්‍රකාශ කළ දේවල්ම අවුරුදු තුනක් ගිහිල්ලාත් නැවත නැවතත් කියමින් සිටිනවා.පක්ෂ දෙක එකතු වෙලා ඉතාමත්ම අසාර්ථක පාලනයක් අරගෙන යනවා. ඉතාම දිළිදු පුද්ගලයා ඉදලා ඉතාමත්ම ධනවත් පුද්ගලයා දක්වාම මේ සියළු පරාස වල ජනතාව අද මේ ආණ්ඩුව ප්‍රතික්ෂේප  කරනවා.රටේ ජනතාවට තිබිච්ච තුන්වේල කාලා ජීවත්වීමේ අයිතිය පවා අද මේ ආණ්ඩුව නැතිකරලා තිබෙනවා.

ආණ්ඩු පක්ෂයේ අය විරුද්ධ පක්ෂයේ මහජන නියෝජිතයන්ට අද පාර්ලිමේන්තුවේදී කථා කරන්න දෙන්නේම නැහැ. විවේචනය කරනවාට අන්තිම බයයි.ඒ අය දන්නවා මේ ආණ්ඩුව කොතෙක් දුරට අසාර්ථකද කියලා. මේ ආණ්ඩුවේ ආර්ථිකය කඩා වැටීම ආරම්භ වුණේ ආණ්ඩුව පිහිටුවලා දින 32 කින්. ඒ බැදුම්කර හොරකමත් සමග.ආණ්ඩුව පිහිටුවලා දින 32 න් මහබැංකුව මහ දවාලේ කොල්ල කනවා. මේ රටේ පරිහානිය වුණේ එදා ඉදලා.

රාජ්‍ය මුදල් ඇමතිවරයා පවා කියනවා මහබැංකු වංචාව රුපියල් ට්‍රිලියන  ගණනක් කියලා. මේවට මේ රජය වග කියන්න  ඕනේ.අගමැතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව .ජනතා අධිකරණය ඉදිරියේ මේ වන විටත් වැරදිකරුවන් වී ඉවරයි.අගමැතිතුමා මහ බැංකුව එතුමාගේ අමාත්‍යාංශයට පවරා ගත්තා.මේ රටේ මහ බැංකුව කොල්ල කෑවා පමණක් නෙවෙයි  මේ යහපාලන ආණ්ඩුව ඒ හොරකමට සම්බන්ධ අය පවා ආරක්ෂා කරනවා. මේ වංචාවට අගමැතිවරයා ලෙස රනිල් මහත්තයා වග කියන්න ඕන. අගමැතිතුමා කොමිසමට කැදෙව්වා. ඔහු එම කොමිසම ඉදිරියේ පෙනි සිටිම වීරත්වයක් ලෙස ඔහු සිතා සිටිනවා. යථාර්තය නම් අගමැතිවරයා කොමිසම ඉදිරියට කැදෙව්වාට ලැජ්ජාවෙන්න ඕන.වංචාවකට සාක්කි ලබා ගැනිමට කොමිසමක් ඉදිරියට කැදවපු අගමැති  කෙනෙක් ඉන්නේ මුළු ලෝකයේම අපේ රටේ පමනයි. ඒ වාගේම අපේ රටේ විතරයි අගමැති කෙනෙක් සම්බන්ධ වෙලා මහ බැංකු කොල්ල කෑමක් පිළිබද වාර්තා වෙන්නේ .මුළු ලෝකයේම එවැනි  දෙයක් වාර්තා වී නැහැ.මේ ආණ්ඩුව අධිකරණයටත් අපහාස කරමින් විරුද්ධවාදීන්ට දඩුවම් කිරීමට උත්සාහ කරනවා.මේ ආණ්ඩුව හරි මග යන ආණ්ඩුවක් නෙවෙයි.

මේකද යහපාලනය කියන්නේ.පළිගැනිම් කරනවා පමණයි මේ ආණ්ඩුව කරන්නේ.වෙන කිසිම දෙයක් කරලා නැහැ.බැදුම්කර වංචාවට කීදෙනෙක් අහුවුනාද?රවී කරුණානායක ඇමතිවරයා මහ බැංකු වරදට  ඇමතිකමෙන් අයින් වුනාම එය වීරත්වයක් ලෙස සලකනවා.ඇමති කමෙන් අයින්වි චෝදනාවලින් නිදහස් විමේ හැකියාවක් නැහැ.හොරකම් කළාම ඇමති කමෙන්  ඉවත් කිරිම පමණක් ප්‍රමාණවත් දඩුවමක්ද?.“
 



අදහස් (4)

සිරිකොතේ තීරණයකින් ස්ථානාධිපතිවරුන් 170ක් මාරු කළා-ෂෙහාන් සේමසිංහ

gayan Sunday, 03 December 2017 09:41 AM

කතාව සහතික ඇත්ත ෂෙහාන්, නමුත් කවදත් ජනතාවට එකම සෙත. අපට මුලින්ම වැරදුනේ 1948. රට කොහෙට ගමන් කරනවද කියලා දෙවියෝ තමා දන්නේ? ඔබට සුබ අනාගතයක් !!!

:       58       27

kumar (galf) Sunday, 03 December 2017 10:33 AM

මේ ආණ්ඩුව එන්න ඉස්සෙල්ලා හිටපු ඈයෝ රට කාලා, ආර්ථිකය කාලා හැදිච්ච නිසා දැන් යන්නේ වෙලා තියෙන්නේ මෙහෙම තමා.

:       0       23

LapayaSunday, 03 December 2017 02:18 PM

කව්ද එහෙම කිව්වේ? මහබැංකුව සොරාකාපු නිසා නෙමෙයිද?

:       1       0

erdi Sunday, 03 December 2017 10:56 AM

ෂෙහාන් සමරසිංහ කියන නම ඇහැව්වෙත් අදයි. සිරිකොත කොහොමද එහෙම කරන්නේ රටේ ජනපතිට බලය තියෙද්දී? ශ්‍රීලංකා නිදහස් පක්ෂයත්, ඒකාබද්ධයත් වෙන වෙනම තරඟ කලොත්, එක්සත් ජාතික පක්ෂයට පළාත් මැතිවරණය දිනාගැනීමට පොලීසිය මොකටද?

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1351 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1261 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 461 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site