IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


‘ සමගිජන බලවේගයේ වර්ණය ගැන ගැටළුවක් ඇති කරගන්න එපා‘

(නිමල කොඩිතුවක්කු)

සමගි ජනබලවේගයේ වර්ණය කහ සහ කොළ වර්ණය බව මැතිවරණ කොමිසමට දැනුම් දී ඇති බැවින් ඒ පිළිබඳ ප්‍රශ්නයක් කර නොගන්නා ලෙසට  සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා කොළඹදී අද (9) පැවසීය.
 
තම පක්ෂයේ වර්ණය ප්‍රශ්නයක් කර නොගෙන හැකිනම් ජනතාව දිනාගන්නා ලෙසට එක්සත් ජාතික පක්ෂයට අභියෝග කරන බවද  මහ ලේකම්වරයා සඳහන් කළේය.
 
ඇතුල්කෝට්ටේ පිහිටි සමගි ජන බලවේගය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් කළ විමසීමකදී  ඔහු මේ බව පැවසීය.
 
අලියගේ සිටි බහුතරයක්  තම පක්ෂය සමඟ සිටින නිසා කොළ වර්නයත්  රටේ සියලුම ජාතීන් නියෝජනය කරන පක්ෂය බැවින් කහ වර්ණයත්  සමගි ජනබලවේගය සඳහා   යොදාගත් බවද ඔහු සඳහන් කළේය.
 
මඩ ගෑවුනු කොළ පාට අද සිරිකොතේ ඇති බවත් පිරිසිදු කෙළ පැහැය සමගි ජනබලවේගයේ තිබෙන බවත් ඒ මහතා කීවේය.
 
එමෙන්ම එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත් කරන බව කියන පිරිස සම්බන්දයෙන් නීත්‍යනුකූල පියවර ගන්නා බව පැවසූ මහලේකම්වරයා  හැම දාම පක්ෂයේ පිරිස ඉවත් කළ  එක්සත් ජාතික පක්ෂයට ලබන පස් වෙනිදා වනවිට  ජනතාව ඉවතවනු ඇති  බවද කීවේය.



අදහස් (0)

‘ සමගිජන බලවේගයේ වර්ණය ගැන ගැටළුවක් ඇති කරගන්න එපා‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 238 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 175 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 980 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site