IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


සුදු වෑන් සංස්කෘතිය යළිත් මතුවෙලා

(ජයන්ත සමරකෝන්)

නඩුකාරයන්ගේ ආරක්ෂක රැකවලූන්ට උතුරේදී වෙඩි ප‍්‍රහාර එල්ල කරද්දී දකුණේ සයිටම් විරෝධී නිරායුධ සිසුන්ට පොලිසිය තඩි බාන බවත් ඔවුන් මහදවාලේ පැහැරගෙන යන්නට සුදු වෑන් එවන බවත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක හා පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතා පෙරේදා (24) පැවැසීය.

මෙය උතුර දකුණ අතර සැසඳීමක් නොවන නමුත් ආණ්ඩුවත් පොලිස්පතිවරයාත් මේ දක්වා ඊට පිළිතුරක් දී නැතැයි ද බොරැල්ල ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා කේන්ද්‍රයේදී පැවැති සමාජවාදී ජනතා පෙරමුණේ ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී මන්ත‍්‍රීවරයා කීය.

රටේ වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා මෙම ප‍්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්විණි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේ ද කීය.

”සුදු වෑන් රථයකින් පැමිණ ශිෂ්‍යයෙක් පැහැරගෙන යන්නට උත්සාහ කළා. නිලඇඳුමෙන් සිටි පොලිස් නිලධාරියෙක් ඊට අනුබල දුන්නා. මෙය නීති විරෝධී තත්ත්වයක්. පොලිස්පතිවරයා මේ ගැන තවමත් නීතිය නවමින් ඉන්නවා. දැන් මේ ප‍්‍රශ්නවලට පිළිතුරු අවශ්‍යයි.

පොලිස් ඔත්තුකරුවන් යොදා සිසුවා පැහැරගෙන යාමට තැත් කර තිබෙනවා. දැන් මේකට ආණ්ඩුවත් හවුල්වෙලා. පේදුරුතුඩුව වෙරළාරක්ෂක හමුදාවෙන් අත්අඩංගුවට ගත් වැලි ලොරි තුනක් මැරවරයින් වෙඩි තබා පැහැරගෙන ගිහින්. පොලිසිය මෙහේ නිරායුධ සිසුන්ට වෙඩි තියනවා.

අද උතුරේ නීතිය ඉටුකරන්නට නීතිය රකින්නට බැරිවෙලා. සාමය රකින්නට බැරිවෙලා. දැන් පොලිස් කොමිසම මෙම සිද්ධීන් ගැන නිහඬව ඉන්නවා ද ක‍්‍රියාකරනවා ද කියන හඬක් අපට ඇහෙන්නේ නැහැ.

පළාත් පාලන මැතිවරණය පැවැත්වීම ගැන මැතිවරණ කොමිසම ඉදිරිපත් කළ සංශෝධන ලබන සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා සඳහන් කළා. ඒ වුණාට මේ සතියේ පාර්ලිමේන්තු න්‍යාය පත‍්‍රයේ ඒක නැහැ. කොහොම වුණත් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීම ගැන රටේ උද්ඝෝෂණ සූදානම නම් බලවත්වී තිබෙනවා.

ඩෙංගු උවදුර එන්න එන්නම වැඩිවෙනවා. රෝගීන්ගේ ප‍්‍රමාණය ලක්ෂය පැනලා. ශිෂ්‍යයන් මර්දනය කළාට මදුරු කීටයන් මර්දනය කරන්නට ආණ්ඩුවට බැරිවෙලා. කියුබාව ගැන රාජිත ඇමැතිවරයා අසත්‍ය ප‍්‍රකාශ කළා. ඒ රටේ මදුරු කීටයන් සහිත නිවාස පොළොවට සමතලා කරන බවටත් නඩුදාන බවටත් කළ එම ප‍්‍රකාශය ගැන ඇහුවාම කියුබානු තානාපති කාර්යාලය කිව්වේ එය අසත්‍යයක් බවයි. දේශීය ආදායම් බදු පනත් කෙටුම්පත ගෙනත් තියෙන්නේ. ජාත්‍යන්තර මුල්‍ය අරමුදලත් රටේ ජනතාවත් රටට එකයි. මිල මුදල් තියෙන වෘත්තිකයන්ගෙන් බදු අයකරන බවත් සාමාන්‍ය ජනතාව මත තියෙන බදු බර අඩුකරන බවත් කියන මේ දෙකම බොරුවක්.

අදාළ ආදායම් ලබන කොම්පැණිකාරයෝ තමා මේ ආණ්ඩුවේ උදව්කාරයෝ. ආණ්ඩුව අවශ්‍ය බව කියන්නේ ඔවුන්. ඔවුන්ට එරෙහිව බදු පනවයි කියලා හිතන්නට එපා. මේ ඔක්කොම කරන්නේ මුල්‍ය අරමුදල රවටන්නයි. එදා මන්දිර බද්ද පැනෙව්වා. ක‍්‍රියාත්මක කළා ද?

අන්තිමට වුණේ වක‍්‍ර බද්ද සියයට 85යි. ධනපතීන්ගේ ඍජු බද්ද සියයට 15යි. දැන් බලන්න නෙවිල් ප‍්‍රනාන්දුගේ පරිත්‍යාගයේ තරම. අපේ රන් භාණ්ඩ උකස් කරලා බේරාගන්නට බැරුව සින්න වෙනකොට අපි ඔක්කොම කරන්නේ රන් භාණ්ඩ රජයට පරිත්‍යාග කරන එක ද? නෙවිල් ප‍්‍රනාන්දුගේ මෙම පරිත්‍යාගය සමකළොත් හිතෙන්නේ එහෙමයි.

මේ ශිෂ්‍ය මර්දනය නතර නොකළොත් ආණ්ඩුවේ මර්දනය බිඳ වැටෙන තැනට ජනතාව ශිෂ්‍යයන් පැත්තේ හිටගන්න එක වළක්වන්න බැහැ. අන්තිමේදී මුළු රටම ඇනහිටින වර්ජනයක් වෙන්නට පෙර ආණ්ඩුව කල්පනා කර බලලා තීරණයක් ගන්නවා නම් හොඳයි.”

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මෙසේ පැවැසීය. ”අද වනවිට නැවතත් සුදු වෑන් සංස්කෘතියක් මතුවෙලා. සයිටම් විරෝධී අරගලයත් සමග මතුවූ ශිෂ්‍ය උද්ඝෝෂණය මර්දනය සඳහා සංවාදමය තත්ත්වයක් ඇතිකිරීම වෙනුවට සුදු වෑන් සංස්කෘතිය යොදාගන්නා බව පෙනෙනවා. මේ වනවිට ඒ පිළිබඳව රටේ ඉමහත් ආන්දෝලනයක් ඇතිවෙලා.

මේ ගැන රජය පිළිතුරක් නොදුන්නොත් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය වැඩ වර්ජනයකට සැරසෙනවා. මිනිස්සු යහපාලන රජයෙන් වෙනසක් බලාපොරොත්තු  වුණා. මෙවැනි රජයකට යහපාලනයක් දෙන්නට බැරි බව අපි දැන සිටියා.

දැන් යහපාලනයකුත් නැහැ. වෙනසකුත් නැහැ. වෙනසකට වඩා බරපතළ විදියට මුල්‍ය මංකොල්ලකාරයෝ බිහිවෙලා. මහ දවාලේ මහ බැංකු කොල්ලය ඊට හොඳ නිදසුනක්. ඩෙංගු හැදුනාම ප‍්‍රතිකාර මගින් සුව කරන්නට පුළුවන්. ජනතාව රවටා බලය අරන් ජනතාවට වුණු පොරොන්දු ඉටු නොකරන මෙම වැඩපිළිවෙළේදී සමහර නායකයන්ට මානසික රෝග තියෙනවා ද හිතෙනවා.”

ලංකා සම සමාජ පක්ෂයේ ප‍්‍රධාන ලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා ”ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට ඒකාබද්ධ විපක්ෂය හැටියට අපි කරුණු 14ක් ඉදිරිපත් කර තිබෙනවා. අපේ ස්ථාවරය දිගටම කමිටුවේ සිටිය යුතුය යන්නයි.

දැන් ආණ්ඩුව සියලූම විරෝධතා නොතකා හම්බන්තොට වරාය චීනයට විකුණන්නට හදනවා. ඇමැති මාරුව සිදු කළේ ඒකටයි. බි‍්‍රතාන්‍ය පාලන සමයෙත් අපි දිනාගත්ත සියලූම වරායන් මේ ආණ්ඩුව නැවතත් විදේශිකයන්ට දෙන්නට හදනවා. කොළඹ වරාය නැගෙනහිර ජැටිය, ත‍්‍රිකුණාමල වරාය තෙල් ටැංකිත් එක්කම ඉන්දියාවට දෙන්නට යනවා.

දැන් තියෙන්නේ අපේ සම්පත් පිටරටට විකුණන වැඩපිළිවෙළක්. නෙවිල් ප‍්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම ගැන පැහැදිලි නැහැ. රජය උදව් කරන්නේ නෙවිල් ප‍්‍රනාන්දුට ද ශිෂ්‍යයන්ට ද කියන එක ප‍්‍රශ්නයක්.”

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ සභාපති රාජා කොල්ලූරේ මහතා ”පසුගිය ආණ්ඩුවට චෝදනා කළ සුදු වෑන් සංස්කෘතිය නැවත ඇවිත්. සිවිල් ජනතාවපැහැරගෙන යාමේ උත්සාහයක් තිබෙනවා. වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගම් ක‍්‍රියාකාරී කමිටුවේ රයන් ජයලත් පැහැරගෙන යාමට දැරූ උත්සාහය රටම දන්නවා.

අද රටේ නීතිය මෙය ඉතාමත් අනතුරුදායකයි. මුදල් ඇමැති මංගල සමරවීර කියනවා පොලිසියේ ක‍්‍රියාකලාපය හෙලා දකිනවාලූ. පොලිසිය කියන්නේ විපක්ෂයේ නොවෙයි. මීට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතුයි. වැඩ කරන ජනතාව ආදායම් බදු දැලට හසු කරගන්ටයි මේ සූදානම් වෙන්නේ. ඊ.පී.එෆ්. ඊ.ටී.එෆ්. එකටත් බදු ගහන්නට යනවා. බදු එකතු කිරීමත් පෞද්ගලීකරණය කරන්නට හදනවා.” ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ඞී.වී.ඞී. තිලකසිරි, කොමියුනිස්ට් පක්ෂයේ මාධ්‍ය ලේකම් එල්.ආර්. ස්ටීවන් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්වූහ.



අදහස් (9)

සුදු වෑන් සංස්කෘතිය යළිත් මතුවෙලා

ONE SRILANKAN Wednesday, 26 July 2017 06:32 AM

හැමතැනම අවුල්... හැම එකක්ම එන්න කියලා කියනවා. අාවහම කරන්නේ නෑ අායුබෝවන්... !!! අපි අහුවෙනවා මේ කතාවලට... සයිටම් එක කොහොම හරි වහලා දෙන්න... අපිත් බලන් ඉන්නවා කවද්ද අපේ අය දොස්තර නලාව ගෙන වැඩ කරන්නේ කියලා...

:       134       0

nishanThursday, 27 July 2017 12:46 AM

සයිටම් නවත්තන්න ඉල්ලන්නේ සයිටම් එක ජාතක කල අයගෙන්ම වීම ලොකුම විහුලුව නොවේද?

:       0       50

SamanThursday, 27 July 2017 05:09 AM

බයිල කියන්නේ නැතුව ගිහින් බෙහෙත් ටිකක් අරන් නිදාගන්න..

:       125       150

ranavi Wednesday, 26 July 2017 02:18 PM

මේ පුද්ගලයාට තේරෙන්නේ නැද්ද... පොලිසිය මහා දවල් ශිෂ්‍ය නායකයාව අත්අඩංගුවට ගන්න ගිය බව. නැතුව ඒ අය හිටපු කාලේ වගේ නීතියක් නැතුව රෑට පැහැරගෙන ගිහින් අතුරුදහන් කළාද?

:       113       141

dilan Thursday, 27 July 2017 05:00 PM

යලිත් කිව්වේ ? කලිනුත් තිබුනද ?

:       0       7

pitigala Friday, 28 July 2017 07:33 AM

වාසුට දැන් හොඳටම වයසයි.

:       0       0

rohana Monday, 31 July 2017 05:02 AM

ඒ කියන්නේ කලින් සුදු වැන් තිබුනා කියල පිළිගන්න එක නේද?

:       0       0

silva Monday, 31 July 2017 05:07 AM

ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ උපසභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්ද්‍රසිරි ගජධීර මහතා මෙසේ පැවැසීය. ”අද වනවිට නැවතත් සුදු වෑන් සංස්කෘතියක් මතුවෙලා. මෙන්න ඇත්ත කියවුනෝ .... "නැවතත් සුදු වෑන්" හු හු

:       0       0

kumar (galf) Tuesday, 08 August 2017 11:30 AM

ලෝකෙටම වැඩක් නැති ඔය සමසමාජේ අරගන දැන් පැන්සොන් යන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31295 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13493 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10995 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 106 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 931 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 280 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site