(මුදිතා දයානන්ද)
‘අප සටන් කළ යුත්තේ රට කන වැඩ බැරි ආණ්ඩුව ගෙදර යැවීමට මිස අපේ ආධාරකරුවන්ට ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රීධූර ලබාදෙන්න නොවේ‘ යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා අද (11) පැවසීය.
පිටකෝට්ටේ පක්ෂ කාර්යාලයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදි මේ අදහස් පළ කළ ගම්මන්පිල මහතා වැඩිදුරටත් මෙසේද පැවසීය.
‘‘අපි එක සන්ධානයක් ලෙස සිටින ප‍්‍රමුඛ අරමුණ අමතක කර කටයුතු කරන්නට ගියහොත් අප කෙරෙහි ජනතා විශ්වාසය බිඳ වැටෙනවා. අපේක්ෂකත්වය වෙනුවෙන් ආණ්ඩුවට සආය දෙන්න පුළුවන් නම් ජනතාව අපිව විශ්වාස කරන්නේ කොහොමද?
ඒකාබද්ධ විපක්ෂයට දැවැන්ත සවියක් වුණ ශ‍්‍රියාණි විජේවික‍්‍රම මන්ත‍්‍රීතුමිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සහාය පළ කර තිබෙනවා. මාධ්‍ය අපෙන් අහනවා ඇයි එතුමිය ගියේ කියලා. ඇත්තටම එතුමිය ගියා නෙවෙයි යැව්වා. එතුමියට කිසිම ප‍්‍රතිපත්තිමය ගැටුමක් කලකිරීමක් ඒකාබද්ධ විපක්ෂය තුළ තිබුණේ නැහැ.
නමුත් නාමයෝජනා ලැයිස්තුව සකස් කිරිම සම්බන්ධයෙන් ප‍්‍රශ්න විසඳාගන්න අම්පාරේ නායකයින් ශ‍්‍රියාණි මන්ත‍්‍රීතුමියට අවස්ථාව දුන්නේ නැහැ. ඒ නිසා ඇය ගියා. මේ විදිහටම ත‍්‍රිකුණාමලය දිස්ත‍්‍රික්කයේ ජයන්ත විජේසේකර මන්ත‍්‍රීතුමාත් ගියා. මේ අයගේ ඉල්ලිම් සාධාරණයි කියලා මම කියන්නේ නැහැ.
නමුත් තමන්ගේ ඉල්ලීම් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබිය යුතුයි. අපේ මූලික අරමුණ ගැන ශ්‍රීයාණි මන්ත‍්‍රීතුමිය තමන්ගේ දුක කේන්තිය නිවී ගියාට පස්සේවත් කල්පනා කරලා මේ ගත්ත තීරණය වෙනස් කරාවි කියලා අපි බලාපොරොත්තු වෙනවා‘‘
COMMENTS
කරේ දාගෙන හිටපු චීවරය පැත්තකින් තියලා, පාර්ලිමේන්තුවට පැනගත්තා වගේ... ආණ්ඩුව ගෙදර යවන එක පහසු වෙන එකක් නැහැ.
ඒ කියන්නේ ආයිමත් බැසිල් කියන විදිහට නටන්න වෙනවා මේ පොහොට්ටු පිරිසට. හා හා ඉස්සෙල්ලා ආණ්ඩුවේ තිබුණු ලොකුම චෝදනාව වුණෙත් බැසිල්, එයාට ඕනෑ විදිහට ඇමැතිලාවත් පාලනය කළා කියලනේ... එහෙනම් මේ පොහොට්ටුවෙන් අනාගත්තේ එන්න ඉන්න ඔක්කොමලා දැන්ම ඉඳන් බැසිල් මහතාට සාදුකාරයක් දීගෙනම එන්නකෝ...
මේ රටේ දේශපාලකයෝ හිතන් ඉන්නේ ඒ කට්ටිය පිනට ජනතාව වෙනුවෙන් වැඩ කරනවා කියලයි. අධික වැටුප් සහ සුර සැප... නොමිලේ බුද්ධිමත් ජනතාවට රටට සේවයක් නැහැ කියලයි කියන්නේ. ආණ්ඩුව පෙරලන්න. වැඩ බැරි රජය, ගෙදර අරින්න. මේ කිසිවක් ඔබ වැනි අයට කරන්න බැහැ. ජනතාවගේ අතේ තමයි තීරණය තියෙන්නේ... එකනේ හොරුටික රොත්ත පිටින් ගෙදර යැව්වේ. දැන් ඔබට තියෙන මුදල් වංචා නඩුවට මූණ දෙන්න. ජනතාව බලාගනියි වැඩ බැරි කට්ටිය කවුද කියලා...
70 දශකයේ ප්‍රංශයේ ප්‍රසිද්ධ නාට්‍යයක් තිබුනා "Waiting for Goddo " (ගොඩෝ එනකන්). මේ නාට්‍යය ගැන දන්නා යුරෝපා ජාතික බොහෝ දෙනෙක් මේ නම පාවිච්චි කරනවා කවදාවත් නේන පුද්ගලයෙක් ගැන හෝ කිසිදාක සිදු නොවන දෙයක් ගැන මනෝ ලෝකවල සිහින මවන පුද්ගලයන් ගැන සඳහන් කරන්න. හිරු බැසයන උදයකදී ඔබගේ සිහින සැබෑ වේවා කියා පතමු.
සටන් කල යුත්තේ ලංකාව යහපත් දේශයක් කරන්න දුෂිතයන්, දේශපාලුවන් ගෙදර යවන්න. ඒ විතරක් නෙමේ නීතියේ රැහැනට හසුකරගන්න.
මාගේ මේ ව්‍යායාමය රජ සැප පිණිස නොවේ. බ්‍රයන් ෂැඩොක් වංචා නඩුවෙන් මහා උළු ගෙදර යාම වළක්වා ගැනීමට පමණි.
මගේ රුපියල් සීයට මොකද කලේ?
සටන් කල යුත්තේ සියලුම හොරුන් ආණ්ඩුවේ බෝඩිමට දැකීමටය!