(නාලක සංජීව දහනායක)
සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම පිළිබඳව තමන් සමඟ ප‍්‍රසිද්ධ විවාදයකට එන ලෙස අමාත්‍යවරුන්වන අචාර්ය හර්ෂ ද සිල්වා හා ඉරාන් වික‍්‍රමරත්ත මහත්වරුන්ට ආරාධනා කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අද (7) පැවසීය.
එවිට මෙම ගිවිසුම රටට අහිතකර ලෙස බලපාන අකාරය හා පවතින ආර්ථික අර්බුධය පිළිබඳව තමන් උදාහරණ සහිතව කරුණු ඉදිරිපත් කරන බවද මන්ත‍්‍රීවරයා කීය.
මෙම ආරාධනය අමාත්‍යවරුන් දෙපළ පිළිගනු ඇතැයි තමන් විශ්වාස කරන බවත් අමාත්‍යවරුන් දෙපළ කැමති ඕනෑම රූපවාහිනි නාලිකවක මෙම විවාදය පැවැත්වීමට තමන් සූදානම් බවත් මන්ත‍්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචි බොරැල්ල, වජිරා ශ්‍රමයේදී අද (7) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලෝ ආණ්ඩු කරන කාලේ කිසි කෙනකුට කට අරින්නට දුන්නේ නැහැ. දැන් මේ අය අනිත් අයට විවාද වලට කතා කරනවා.
රුපියල් 2500 කින් මාසක් ජිවත් වෙන්න පුළුවන් කියපු මනුස්සයෙක් එක්ක වාදෙට මොලයක් ඇති මනුස්සයෙක් එයිද ?
අප්පෝ, දැන් වත් විවාද නවත්වල රටට යහපතක් කරන්න පුවන් අයට ඉඩ දීලා, ගෙදරට වෙලා ඉන්නවද. රටේ කාලේ නාස්ති කරන්න එපා,
මේ වගේ අය එක්ක මොන විවාධද?