IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


‘ලැබෙන පළමු අවස්ථාවෙන්ම ආණ්ඩුව වෙනස් කිරිමට කටයුතු කරනවා’


 
(නිමල කොඩිතුවක්කු)
        
ආණ්ඩුවට එරෙහි සියලූම දේශපාලන බලවේග එක්කාසු කරගනිමින් ලැබෙන පළමු අවස්ථාවේදීම වත්මන් ආණ්ඩුව වෙනස් කිරිමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය සුසිල් පේ‍්‍රමජයන්ත මහතා පැවසීය.


ඒකාබද්ධ විපක්ෂය ඇතුළු සියලූම දේශපාලන බලවේගයන් සමඟ ආණ්ඩුවෙන් ඉවත්වූ 16 දෙනාගේ කණ්ඩායම මේ වනවිටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා ආරම්භ කර ඇතැයි ඔහු සඳහන් කළේය.


මහරගම පිහිටි මහජන එක්සත් පෙරමුණු ප‍්‍රධාන කාර්යාල පරිශ‍්‍රයේ දී ඒකාබද්ධ විපක්ෂයේ  නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී  දිනේෂ් ගුණවර්ධන මහතා සමඟ ආණ්ඩුවෙන් ඉවත්ව ගිය 16 කණ්ඩායම අද (22) සිදුකළ සාකච්ඡාවකින් පසුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමින්  හෙතෙම මේ බව පැවසීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුසිල් පේ‍්‍රමජයන්ත මහතා මෙසේද කීවේය.


   ‘‘රජයෙන් ඉවත්  වෙච්ච මැති ඇමැතිවරුන් කණ්ඩායම විවිධ දේශපාලන පක්ෂ මුණ ගැසීමේ වැඩපිළිවෙළ යටතේ දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එම පක්ෂයේ පිරිස මුණ ගැසුණා. පාර්ලිමේන්තුවේ විපක්ෂයේ කණ්ඩායම සමඟ ඒකාබද්ධ වෙලා කටයුතු  කරන්නේ කොහොමද කියන කාරණාව පිළිබඳ අපි එහිදී සාකච්ඡා කළා.


එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවක් වෙනස් කිරීම  සඳහා පුළුල් සංවිධානයකට  යාමට අවශ්‍ය පියවර ගන්නේ කොහොමද කියලා අපි මේ සාකච්ඡාවේදී තිරණය කර ගත්තා.  මැතිවරණයක් පැවැත්වෙන දිනය පිලිබඳ අපිට දැන්ම  කියන්න බැහැ. නමුත් ලැබෙන ප‍්‍රථම  අවස්ථාවකදීම මෙම ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන  ස්ථාවරයක අපි සියලූ දෙනාම ඉන්නවා.


රජය මොන වගේ තීරණ ගත්තත් ජනතාව ඉතාම දැඩි කළ කිරිමකයි ඉන්නේ. ඒ අනුව ජනතාවගේ ප‍්‍රශ්න විසදීම  සඳහා  කොහොමද කටයුතු කරන්නේ කියලාත් අපි සාකච්ඡා කළා.  


දේශපාලන පක්ෂ  අතර  ප‍්‍රතිපත්තිමය වෙනස්කම් තියෙන්න පුළුවන්.  නමුත් මේ ආණ්ඩුව ඉක්මණින් වෙනස් කරන්නේ  කොහොමද කියන එක ගැන අපි අතර  පොදු එකඟත්වයක් තියෙනවා. ඒ සඳහා ඒකරාශි කරගන්න පුළුවන් සියලූ බලවේග  ඒකරාශී කර ගත යුතුයි. ඒ සඳහා සියලූ  සහයෝගය ලබා දෙන්න අපි සූදානම් යැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියේය.



අදහස් (7)

‘ලැබෙන පළමු අවස්ථාවෙන්ම ආණ්ඩුව වෙනස් කිරිමට කටයුතු කරනවා’

Saththaya Saturday, 23 June 2018 01:37 AM

හරියට හරි... එතකොට තමයි හොර, මැරයින් ටික වහගන්න පුළුවන්.... ඉක්මන් කරන්න.

:       16       254

d.upul Saturday, 23 June 2018 05:06 AM

එලවන තුරුම හිටියේ මේක කියන්නද?

:       25       35

Shan Saturday, 23 June 2018 06:40 AM

ඔව් දැන් අර පැට්‍රෝලියම් එකේ ඉන්න කාලේ කාපු ජරාව මතක් වෙලා ඉන්න බැරුව ඇති නේද?

:       0       151

rohana Saturday, 23 June 2018 03:26 PM

අනේ යන්න මහත්තයෝ!!! බයිලා කියන්නේ නැතුව...

:       1       43

saliya Saturday, 23 June 2018 04:57 PM

ආණ්ඩු වෙනස් වෙනවා. හැබැයි කිසිම ආණ්ඩුවකට දෙපත් නයි එක්ක පවතින්න බැහැ. විශ්‍රාම අරන්, ඊ ළඟ ආණ්ඩුවටවත් වැඩක් කරන්න දෙන්න.

:       0       113

ranjith Saturday, 23 June 2018 10:26 PM

ආණ්ඩු වෙනස් කරන්න රටට හොද ඉදිරි සැලැස්මක් මත කළ යුතුය නැතුව නැවත තවත් හොර තක්කඩි රැලකට රට අරන් රට කනවට වඩා

:       0       100

ranjith Saturday, 23 June 2018 10:29 PM

නැවත මේ රටේ තමන්ගේ සල්ලි වලින් දේශපාලනේ කරලා රට හදන්න උස්සහ කරන්න පුළුවන් මහත්ම දෙශපලකයන් බිහිවෙනවා නම් හොදියි නැතුව මහජන මුල්ම කන්න බලාගෙන එන සීයට සීයක්ම ඉන්න මේ කාලේ රට හදන්නේ කොහොමද

:       0       132

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1058 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1084 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site