(තලවකැලේ- ශාන්ත චන්ද්‍රසිරි)
අද රටේ ජනතාවට තුන්වේල කන්න බොන්න නොමැති බවත්, අඩුම ගානේ රනිල් වික්‍රමසිංහ මහතා අද හිටියානම් තුන්වේල කාලා බීලා හොදට ජීවත් වෙන්න පුළුවන් කම තිබුණු බව ගම්මානවලට ගියාම මිනිසුන් කියන බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක, නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක නවීන් දිසානායක මහතා අද (27) පැවැසීය.
කොත්මලේ ආසනයේ එක්සත් ජාතික පක්ෂයේ මැතිවරණ කාර්යාලයක් ආරම්භ කිරීමෙන් අනතුරුව පැවැති උත්සවයේදී ඒ මහතා එසේ පැවසීය. තවදුරටත් අදහස් දැක්වු නවීන් දිසානායක මහතා මෙසේද පැවැසීය.
‘අද මිනිස්සු බඩගින්නේ ඉන්නේ. දවසින් දවස විරැකියාව වැඩි වෙලා. කෝවිඩ් ආවට පස්සේ ආර්ථිකය කඩා වැටිලා. මේ රජයට ඒකට විසඳුමක් නැහැ. අද මිනිස්සු කියනවා අඩු ගානේ රනිල් වික්‍රමසිංහ හිටියා නම් අපි තුන්වේල හොඳට කාලා බීලා ඉන්න තිබුණා කියලා. අද ගම්වලට ගියාම රනිල් මහත්තයා අපේ දරුවන්ට ටැබ් එකවත් ලබා දුන්නානම් අඩු ගානේ අද අපේ ළමයින් පාඩම් ටික ඒකෙන් ගෙදර ඉඳන් කරන්න තිබුණා කියලා කියනවා. ඒ වගේ පරිණත නායකයෙක් තමයි එක්සත් ජාතික පක්ෂයට ඉන්නේ...
සමහර වේලාවට සටනක් කරන කොට කෙළින්ම මුහුණට මුහුණ ගහ ගන්නවා. සමහර වේලාවට සාකච්ඡා මාර්ගයෙන් කතා කරලා ගිවිසුම් ගහනවා. හොඳ හිත දිනාගෙන හැමෝම ගේම් එක ගහනවා. සටනකදි නොයෙකුත් ක්‍රම සහ විධි තියෙනවා. හැම වේලාවේම දුටුගැමුණු රජතුමාගේ චරිතය රඟපාන්න බැහැ. හැම දෙයක්ම දිනන්නත් බැහැ. නොයෙක් අවස්ථාවල ඉතාමත් හික්මීමෙන් තමාගේ චරිතය පාලනය කරලා සාමකාමීව කතා කරලා මනුෂ්‍යත්වයෙන්, මිනිසත්කමෙන් ඒවා දිනාගන්න අවශ්‍යයයි. හැම දේකටම අපි කුලප්පු වෙන්න හොඳ නැහැ.
එක්සත් ජාතික පක්ෂයට මෙවර පැහැදිලිවම ආණ්ඩුවක් හදන්න තිබුණු අවස්ථාවක් මේක. අපි දෙපාර්ශවයම එකට කටයුතු කලා නම් ආසන 90 ක් ලේහෙසියෙන්ම මේ අස්ථාවේ ගන්න තිබුණා. මක් නිසාද කියනවා නම් අද මිනිස්සුන්ට රජය ගැන කලකිරීමක් තියෙන්නේ. එදා වැඩ්ඩා කිව්ව ජනාධිපතිවරයා අද වැඩ කරන්නනේ නැහැ. සිස්ටම් එකේ බ්‍රේක් එකක් කොහේ හරි තිබෙනවා.
COMMENTS
රනිල් හිටියානං කන්න බොන්න කොහොම වුණත්, රටින් භාගයක් වලපල්ලේ. වලලපු තැන් හොයාගන්නවත් නෑ. බැංකුව සුද්දකරපු පරිණත නායකයා. දැන් අර රට ඇමරිකාවට විකුණන ගිවිසුමත් අත්සන් කරලා සල්ලිත් අරං කියන්නේ... කොහොමද සූත්තර පුංචගේ ගේම්...? නවීන් ලෑස්තිවෙලා ඉන්න. මේ පාර බඩුම තමයි.
මම නම් කිසි කෙනෙක් කියනවා අහල නෑ "අඩු ගානේ රනිල් වික්‍රමසිංහ හිටියා නම් අපි තුන්වේල හොඳට කාලා බීලා ඉන්න තිබුණා කියලා"...
පක්ෂෙ රැකගන්න බැරි එක්කෙනා පරිණත වුණත් මොකටද? ඩීල්වලින් නම් පරිණත තමයි.
හැම දෙයක්ම දිනන්නත් බැහැ. නොයෙක් අවස්ථාවල ඉතාමත් හික්මීමෙන් තමාගේ චරිතය පාලනය කරලා සාමකාමීව කතා කරලා මනුෂ්‍යත්වයෙන්, මිනිසත්කමෙන් ඒවා දිනාගන්න අවශ්‍යයයි. හැම දේකටම අපි කුලප්පු වෙන්න හොඳ නැහැ. "ඉවසීමෙන් සිටිය යුතුවෙනවා. ඉවසීම කියන්නේ ගොඩාක් ප්‍රශ්නවලට වලට හොඳම බේත කියලත් කියන්න පුළුවනි. ඒවගේම දුරදිග බලන්නත් අත්‍යවශ්‍ය වෙනවා. ඉවසීමක් නොමැති ළඟ පමණක් පෙනෙන, දුර නොපෙනෙන පුද්ගලයන් දේශපාලනයට පැමිණිවිට පක්ෂ දේශපාලනය පමණක් නොව රටටද ප්‍රශ්න ඇතිවෙනවා. එයට හොඳම උදාහරණය සජිත් නායකත්වය පෙනි පෙනී නැවත නොඑන්නටම පක්ෂයෙන් පිටවයාම. මේ වනවිට දරුණුලෙස රටේ ආර්ථිකය කඩා වැටිලා, ආර්ථිකය අවුල්වෙලා. මේ රජයට ඒකට විසඳුම් දීමට හැකියාවක් නොමැතිබව ජනාධිපතිවරයාගේ සහ මහබැංකු නිලධාරින්ගේ සාකච්ඡාවේදී සද්ද දාපු ආකාරයෙන්ම රටට පැහැදිලි වුණා. අද ගම්වල මිනිස්සු කියනවා අඩු ගානේ රනිල් වික්‍රමසිංහ හිටියා නම් කියලා නමුත් ගම්වල දුප්පත් මිනිස්සු රනිල්ව සොයාගෙන පැමිණෙන දවස වැඩි ඈතක නැහැ. ඒ කිසිවක් නිසා නොව උගත්, බුද්ධිමත් ඉවසීමක් දැක්මක් ඇති යමක් කළහැකි පරිණත නායකයකු වන රනිල්ගේ වටිනාකම දුප්පට මිනිහට තේරුණු නිසා. "
රට පාවා දුන්නු බැංකු හොරුන්...
බුද්ධ කාලයේ ශාස්තෘන් මක්කලී ගෝසාල, නිගන්ඨනාථ පුත්ත වැනි ශාස්තෘන් 6 දෙනෙකු සිටියා කියා කියැවෙනවා. ඉන් නිඝන්ඨනාථ පුත්තගේ ඉගැන්වීමේදී ණයට හෝ ගිතෙල් කන්න කිව්වා. බුදුහිමියන් වහන්සේ දෙශනාකලේ උපයන ආදායම හතරට බෙදා ආදායම ප්‍රයෝජනයට ගන්නා ලෙසයි. මේ රටේ රනිල් ක්‍රියාත්මක කිරීමට උත්සාහ කලේ බුදුහිමියන්ගේ ක්‍රමය වුවත් වට පිටේ සිටි උපදේශකලා නිසා බොහෝදේ වැරදුණු බවක් පේනවා. ඒ අතර අනෙක් පිරිස ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තේ නිගණ්ඨනාථ පුත්තගේ ක්‍රියාවද කියලා හිතාගන්න අමාරුත් නැහැ...